(මහින්ද නිශ්ශංක)
දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මාසික හා ත්‍රෛයිමාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ මගීන්ට ඒවා ලබාගැනීමට කල් ලබාදී ඇතැයි දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.ඩී.රංජිත් පත්මලාල් මහතා පැවසීය.
ඒ අනුව රාජ්‍ය අංශයේ දුම්රිය මගීන්ට ලබන 12 දා දක්වා ද පෞද්ගලික අංශයේ මගීන්ට ලබන 10 දා දක්වා ද දුම්රිය ස්ථානවලින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව ඒ මහතා කීය.
දුරගමන් හා නගරාන්තර දුම්රියවල ගමන් කිරිම සඳහා කලින් ආසන වෙන්කළ මගීන්ට ද එම සම්පූර්ණ ගාස්තුව ලබාගත හැකි බවද නියෝජ්‍ය වාණිජ අධිකාරි පත්මලාල් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීසන් අරගෙන සති 2 ක් බස් එකේ ගිය අයට සල්ලි ආපහු දිය යුතුයි. නැත්නම් මේ මාසයේ සීසන් එක භාග මුදලකට ලබා දිය යුතුයි.
දින 12ක් තිස්සේ මහජනතාවට අනේක වද වේදනා දී පොහොට්ටුව බලයට ගෙනෙන්නට වැඩ වර්ජනයක් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් අවසන් වුයේ එපරිද්දෙනි. රණවිරුවන්ට තැඹිළි පොවන්නට ගිය දේශප්‍රේමි මහින්දලා, වීරවංශලා හා කමල් ගුණරත්නලා හෙට දිනයේ කුසගින්නේ සිටින මෙම රැකියා අහිමි වූ සේවකයින්ට හා ඔවුන්ගේ අඹුදරුවන්ගේ කඳුළු පිස දමන ආකාරය දෙස අපි බලා සිටිමු.