(එම්.සුසිල් ප්‍රියන්ත)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේදී පුද්ගලයකු අද (18 ) පස්වරුවේදී දුම්රියේ ගැටී මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බඹරවාන මත්තක පදිංචි අයි.කේ.සුමිත් පියරත්න නමැති තිස්හත් හැවිරිදි එක්දරු පියෙක් බවද පොලීසිය කියයි.
අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක මේ පුද්ගලයා ගැටී ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd