(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක නිලධාරියකු හුනුපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරි රියදුරෙකුගෙන් රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දි අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

පැමිණිලිකාර රියදුරු පැදවු ලොරි රථය ඉකුත් 26 වෙනි දින හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ ගැටී අනතුරට ලක්වී ඇති අතර එම අවස්ථාවේදී ඔහුගෙ ජාතික හැදුනුුම්පත සැකකාර දුම්රිය කාර්ය සහයක නිලධාරියා විසින් භාරයට ගෙන ඒ සම්බන්ධව හුනුපිටිය දුම්රිය ස්ථානාධිපති වෙත වාර්තා නොකර සිටීමට හා ඉදිරි නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබී ඇතැයි ජේෂ්ඨ පොලිස් අධිකාරි වරිය කීය.

ඒ පිළිබඳ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි එම ලොරි රථ රියදුරු අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව එකී මුදල ලබාගනිද්දී  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය.