(නිමල කොඩිතුවක්කු)

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය මගීන්ගේ සහ සේවකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරයි.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පාර්සල් පමණක් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස බෙදා හැරීමට කටයුතු කරන බවද ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම දුම්රිය දුර ගමන් සේවා නතර කර ඇති බැවින් කලින් වෙන්කර ගත් ආසන සඳහා මුදල් ගෙවීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.