IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුම්රියන් කිහිපයක් ධාවනය කිරීමෙන් පසු කොටුව දුම්රිය ස්ථානය වසා දැමේ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය පස්වරු  6.45 වන විට සම්පුර්ණයෙන්ම වසා දැමිණ.

කාර්යාල නිමවා නිවෙස් බලා යන ජනතාව උදෙසා මහව , ගාල්ල , හලාවත සහ අවිස්සාවේල්ල දක්වා දුම්රියන් කිහිපයක් ධාවනය කෙරුණු අතර එම දුම්රියන් සියල්ලම කොළඹ කොටුවෙන් පිටත් වූ විගස දුම්රිය ස්ථානය වසා දැමිණ.

පොලිස් කැරලි මර්ධන ඒකකයේ සාමාජිකයන් ඇතුළු පොලිස් නිලධාරීන් ද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් යොදවා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගත හැකි වූ අතර පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළහි මාතර බලා පිටත් වන බස් රථ සඳහා මගීන් විශාල පිරිසක් පෝලිම් ගැසී සිටින අයුරුද පෙනෙන්නට තිබුණි.



අදහස් (13)

දුම්රියන් කිහිපයක් ධාවනය කිරීමෙන් පසු කොටුව දුම්රිය ස්ථානය වසා දැමේ

janahitha Friday, 21 June 2019 05:01 PM

අතීතය ගැන හිතුවොත් හොඳා.

:       0       0

chandima Friday, 21 June 2019 05:07 PM

බය වෙන්න එපා තව ටික කාලයයි.

:       0       0

සුදත් Monday, 24 June 2019 04:44 AM

ඇ..අප්පොච්චා ද ඔක්කොම කරේ.

:       0       0

sumith Friday, 21 June 2019 05:16 PM

මෙවැනි රටක ඉපදීම පවක්.

:       0       12

Chanak los angelesMonday, 24 June 2019 12:58 AM

ඒ ඉපදීම නොවෙයි දුක ...බල ලෝභය නිසා මේ වර්ජන මෙහෙයවන සාටකලා දේශපාලනයේ නිරත වී සිටින කාලේ රටේ ඉපදෙන්න වුන එකයි පව....

:       0       0

Amila Saturday, 22 June 2019 01:21 AM

හදිසි නීතිය තියෙද්දිත් වැඩ වර්ජන කරනකල් උඩ බලන් ඉන්න පාලකයෝ. හමුදාව දාලා දුම්රිය දුවන්න තිබුනේ.

:       0       12

wicky Saturday, 22 June 2019 04:13 AM

දැන් ඔය අයිතිවාසිකම් ලබාගන්න මහත්තුරු, තමන්ගේ සේවය හරියට කරනවද? එතකොට මාසෙටම ප්‍රවේශපත්‍ර අරගත්තු මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට වෙන්නේ මොකක්ද? දුම්රිය දෙපාර්තමේන්තුවේ වගේ නිකන් ඉඳලා නෙවෙයි වැඩ කර ගෙදර යන්න ආපු මිනිස්සු? මෙයාලගේ පඩියෙන් ඒ වියදම් ටික දුන්නම් තම හරි. දැන් ආණ්ඩුවට දැනුණද? ඇමති කෝ? එයාලා පාරවල් වහගෙන වෙලාවට සැපට ගෙදර යන්න ඇති. නිවාඩු නිසා කොහේ හරි ගිහින් වෙන්නත් පුළුවන්. ඊයේ හවස ගෙදර යාගන්න කාපු කට්ට? මැච් එක බලන්න මුන් මේක කලේ. කාලකන්නි දෙපාර්තමේන්තුවක්නේ...

:       14       171

abiya Saturday, 22 June 2019 06:35 AM

මොවුන් හඬ නගන්නේ තමන්ගේ අයිතිවාසිකම්වලට පමණි. යුතුකම් නොදනී. හරියට රේල් පාරක් හදාගන්න දන්නේ නැහැ පීලි පනිනවා. නිකමට ඕමන්තෙන් එහා සහ මන්නාරම රේල් පාරවල් සමග සංසන්දනය කරලා බලන්න බොරුද කියන්නේ කියලා.

:       1       165

wickySaturday, 22 June 2019 04:28 PM

ඔවුන්ට දෙනවා කිව්වා නම් ලබාදෙන්න ඕනෑ. ඇමතිලගේ වාහනවලට වැටුප්වලට නම ඒ මොහොතේම එයාලගේ අනුමැතිය ලැබෙනවා. හැබැයි මේ සේවකයන්ගේ වැටුප් ගැන බලන්න කල්දානවා. එක්කෝ දෙන්නේ නැත්නම් දෙන්නේ නැහැ. වැඩ කරන්න බැරිනම් අයින් වෙන්න. හමුදාව දාලා හරි සේවය ලබාදෙන්න ඕනෑ... ඔය මහා ලොකුවට දැඟලුවට... රස්සාව නැති වුණාම කොහොමද? ඔය සමිති වදන් වෙන්නේ නැහැ කන්න නැති වෙනකොට. අපේ දේශපාලකයන්ට කොන්දක් නැහැ. අනික ඕකුන්ට රටට තියා මිනිස්සුන්ට හෙන ගැහැව්වත් දැන් ඕනි බලය විතරයි. ඊළඟ ඡන්දෙදි මිනිස්සු හිතලා බැලුවා නම් හරි..

:       0       0

ජෝයී සීල්වා Saturday, 22 June 2019 07:48 AM

අර්ජුන රණතුංග නොවෙයි, රවී කරුණානායක හරි... රන්ජන් රාමනායකට ඔය ඇමති පදවිය දීලා බලන්න. ලස්සනට වැඩ පෙන්වයි.

:       104       0

banda Saturday, 22 June 2019 09:04 AM

ලෝකයේ දියුණු රටවල දුම්රිය සේවය පවත් වන්නේ පුද්ගලික ආයතන මගින් ......

:       0       17

dewa Saturday, 22 June 2019 03:18 PM

උඹලගේ රේල්ලුව සදහටම වහගනිල්ලා.. සදහටම ගෙවල්වලටම වෙලා හිටපල්ලා. මොකද අද අාරංචි වුණා හැම සිකුරාදාම වැඩ කරනවා කියලා.. එ්ක නිසා අපේ වෙන විකල්ප හොයාගන්නම්..

:       0       234

සමන්ත Saturday, 22 June 2019 04:05 PM

ආයෙත් සෑහෙන කාලෙකට දුම්රිය ධාවනය නතර කර, සියලු දුම්රිය ස්ථාන හා සේවාවන් වසා දමන්න. ලංගම බස් රථ යොදවන්න. හැමදාම මිනිසුන්ට වදදෙනවා නම් මේ වගේ ආයතන අරින්න අවශ්‍ය නැහැ. ඇරියත් දුවන්නේ පාඩු පිටනේ. මේ වෘත්තිය සමිති රාජපක්ෂලාගේ බලල් අත් නිසා ඔවුන් මේ වගේ වැඩ මොනවා දුන්නත් නවත්තන්නෙත් නැහැ.

:       308       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site