(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ ගංජා ග්‍රෑම් 5ක් සහ අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30 මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල ප්‍රදේශයේ දී අනෙක් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
909
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
Nihal Thursday, 07 January 2021 06:47 AM
අපරාධකරුවන්ගේ නම් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් මගේ ප්‍රසාදය...
rocky Thursday, 07 January 2021 08:52 AM
ගංජා ග්‍රෑම් 5ක් කියන්නේ සුළු ප්‍රමාණයක්. මේක මොකක් හරි උගුලක් වෙන්නත් බැරි නැහැ..!!!
පිටිගල මිලානෝ Thursday, 07 January 2021 01:13 PM
රා වලටයි, ගංජා වලටයි තමයි නීති. සීනි හොරාව අල්ලන්නේ කවදාද?
මෝ Thursday, 07 January 2021 07:15 PM
මේක නම් සැක සහිතයි. දෙන්නව අත්අඩංගුවට අරං තියෙන්නේ දෙතැනකදී. දෙන්න එකට මත්ද්‍රව්‍ය අරගෙන ගියා වගෙයි. මුල් ටික කියවනකොට හිතෙන්නේ. අනික ගංජා ග්‍රෑම් 5ක් කියන්නේ කීයක්ද? සිගරට් එකක් ඔයිට වඩා මිල වැඩි ඇති. මේ නිලදරුවා නීතිය අකුරට ක්‍රියාත්මක කළ අවංක නිලධාරියෙක් දැයි සොයා බලන්න. මට නම් පේන්නේ සෙට් කරලා දුන්න ගේමක් වගෙයි.
Rata Perata Friday, 08 January 2021 07:42 AM
ග්‍රෑම් 5 අල්ලගත්තාම ඔක්කොම විස්තර දානවා. කෝටි ගණන් කුඩු අල්ලනකොට එක්තරා ව්‍යාපාරිකයෙක්, එක්තරා දේශපාලකයෙක් කියලා නමක් දාන්නේ නැතිව වෙනස් වෙනවා.