
(යොහාන් භාසුර සහ තිළිණි ද සිල්වා)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත් ඇය ටුවිටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
බත් කන හරක් රට පාලනය කරනකොට එහෙම වෙනවා තමයි...
මැඩම් ඔබ හරි... ඔබ ලංකාවේ නීතිය ගැන කරුණු ජනාධිපතිවරණයට වඩා හොඳින් දන්නවා. හිසනමා ආචාර කරමි.
මේ පාලකයෝ කියාගන්න වෙළෙන්දෝ කරතොත් වැඩක්.., මුළු ලෝකෙටම කුජීත වෙලා තමයි නවතින්නේ.
ජනාධිපතිතුමනි.., මෙන්න ජාත්‍යන්තර අතපෙවීමක්...!!!
මේ අයට මේක අදාළ නැහැනේ... දැන් ගෝලීය කරණය නැහැනේ... තිබ්බෙත් නැහැනේ.. ගෝලීයකරණය තිබ්බා නම් වීසා නැතිව ඕනෙම රටකට යන්න පුළුවන් වෙන්න ඕනෑනේ... ඒකත් ඒ අය හදාගත්ත එකක්... ඒ අයට නැති ඒවා හොරාකන්න අනිත් රටවලින්...
ඉතින් දාපල්ලකෝ පුළුවන් නම් ආර්ථික සම්බාධක.. එවපල්ලකෝ යූඑන් හමුදාව.. අනේ බොලාගෙත් කටවිතරයි. අනික මේ සමාව දුන්නේ ඇමෙරිකන් පුරවැසියෙක්නේ... මේවා හොඳ ප්ලෑන්..
ඇමෙරිකානු තානාපතිනියට වැටහෙන දේ අපේ ජනපතිතුමාට නොවැටහෙන එක තමයි මෙතන තියෙන ලොකුම පුදුමේ. රටේ පවතින නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සැමට සාධාරණවයයි...
ඇමෙරිකාවේ නීතිය අපිට උගන්නන්න ඕනේ නෑ. මීට නන්දසේන...
මේ ප්‍රකාශ ඉතාමත් පැහැදිලියි..
දුමින්දට සමාව දීම කිසිසේත් නොකළ යුත්තක්..., ඒත් මෙයා කවුද අපිට අනුමැතියක් ගන්න.
අපේ හරක්ට ඕවා තේරෙන්නේ නෑ. කවුරු කිව්වත් වැරදි දේ වැරදියි. රට කනවිරුවා රට නැතිකරලම තමයි යන්නේ...
වෙනත් මිනිමැරුම් චෝදනා වලට වැරදි කරුවන් වුන අය නිදහස් කරන කොටත් මෙහෙම නිවේදන නිකුත් කලාද? උදා : ශාමන්ත
අපි සුද්දගේ නීතිය නමන රටක් කියලා නෝනට දැන්වත් තේරුම් ගන්න පුළුවන් වුණොත්, එ්ක තමයි අපි කරපු ලොකුම ජයග්‍රහණය...
ඔයාට ඒකෙන් වැඩක් නැහැ.
නොකියා කියන්නේ ත්රස්තවාදීන්ගේ සමූලඝාතන සාධාරණයි. රන්ජන් සම්බන්ධ හඬපටය අනුව දුමින්දව කොහොමහරි වැරැදිකරුවකු කිරීමත් අනුමත කරන බවයි...
අනේ යන්න.. අනුන්ගේ මගුල්වලට අත දාන්නේ නැතිව... ට්‍රම්ප් ලොක්කා හොරුන්ට, අපරාධකාරයින්ට ජනාධිපති සමාව දුන්නු ඒවා ගැනත් කතා කරන්නකෝ එහෙනම්..!!!
මෙයාලා ඉතිං මොකද්ද අනුමත කළේ? ඔන්න ප්රභාකරන්ට මහ අැමැතිකමක් දීලා ඒ පැත්ත කොටින්ට ලියලා දුන්නා නම් අනුමත කරාවි.
මේ වගේ කියවපු බ්‍රිතාන්‍ය තානාපති පැය විසිහතරෙන් රටින් පිටුවහල් කළා... ප්‍රේමදාස ජනාධිපති...
ඒවා අපි බලාගන්න ම්. මෙතන කොමෙන්ට් දාපු අය බලන්න. මෙයා කියන්නේ එල්ටීටීඊ කාරයො නිදහස් කළාට කමක් නැහැ කියල. කාරණෛ් තේරුම් ගන්න බැරිද? ඇයි අපි ඇමරිකන් කාරයොන්ට යට වෙන්නේ ? ඊශ්‍රායල් ප්්රහාරයට මෙයාල සද්ද නැහැ. ළමයි 100 විතර මැරුණ.
මේ අමෙරිකාව නොවන බවත්, ශ්‍රී ලංකාව බවත් මතක තබා ගත්තොත් හොඳයි....
විමල් ඔබ කොහිද?
අනුමත කරන්න බැරි ගොඩක් දේවල් ලංකාවේ වෙනවා
ඔබතුමිය ඇතුලු බටහිර රටවලුත් හැමදාම කටින් බතල හිටවනවා විතරයි. අවුරුදු 73 ක් තිස්සේ මේ පාලකයින් මාරුවෙන් මාරුවට අපේ රීරි මාංස උරාබොනවා කිසිම හිතක් පපුවක් නැතිව. ඔබේ රටවල් තව බලන් ඉන්නවා. එක්කෝ අපිට ඔබේ රටවල පුරවැසිකම දෙන්න. නැත්තන් මේ 225 එලවලා අපිව මොවුන්ගෙන් නිදහස් කරලා දෙන්න...
එතකොට රෝයල් පාක් මිනීමරුවාව නිදහස් කරනකොට මෙයාලා නිශ්ශබ්දව හිටියේ අැයි?
සුද්ධා අපිට නීතිය හදලා දුන්නා නවන්න දන්නේ අපේ කට්ටිය
‘ඇමරිකාව කව්ද අපිට උගන්නන්න’ කියන අයට අමතකයි අවුරුදු 70 ක් අපේ රට ප්‍රධාන වශයෙන් පාලකයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ වංචාව හා ගසා කෑම් නිසා හිගන බවට පත්වී දුප්පත්ම යැයි සැලකෙන රටවලින් පවා අතමාරු ගන්නා බව. සිගන්නන්ට රිසි දේ කිව නොහැකි බව චීනය උගන්නාවි.
දුමින්දව එල්ලලා මරන්න වටිනවා. ඒකෙ දෙකක් නැහැ. නිදහස් වුණත් මිනිහාට වැඩිකලක් ඉන්න දෙන්නේ නැහැ. ඒවා අපේ රටේ ප්‍රශ්න. ඔහෙට අයිතියක් නැහැ අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කට දමන්න. ලංකාවෙන් යන්න කලින් දත් ටික ගලවා ගන්නේ නැතිව ඉන්නවා. මේක ලංකාව. ලෝකෙට චණ්ඩිකම් පෙන්නන්න ගිහින් හැම රටකින්ම ගුටිකාපු ඇමෙරිකාව නොවෙයි...