(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබූ ගැටලූ හා ඒවා විසඳාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දෙදෙනා දීර්ඝව සාකච්ඡා කර ඇත. නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව දුමින්ද දිසානායක මහතා මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එම ගැටලු විසඳීමට මැදිහත්වන්නේ නම් ශක්තිමත් රජයක් පිහිටුවීමට තමන් සහය පළකරන බව දිසානායක මහතා පවසා ඇතැයි වාර්තාවේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කර එම ගැටලු විසඳීමට තමන් පුද්ගලිකවම මැදිහත්වන බව බැසිල් රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාට දැනුම් දුන් බවද වාර්තාවේ.
කොළඹ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී මෙම සාකච්ඡාව සිදුව ඇති අතර මෙය පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තාවේ.
COMMENTS
ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැති බවයි කියන්නේ. බැසිල් රාජපක්ෂ මහතා දුමින්දගේ ගෙදරට දුවගෙන යන්න තරම් වැඩේ දරුණුවී ඇති බවයි ඉන් ගම්‍ය වන්නේ. 113 දැනටමත් තිබෙනවා නම් තවදුරටත් ප්‍රමාද කරන්නේ මොකද කියන එකයි ප්‍රශ්නය... දැනට එජාපයෙන් මන්ත්‍රීවරු 5 දෙනෙකු මහින්දට සහය පළකර ඇත. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්දය. එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන සහ රංගේ බණ්ඩාර මහින්ද පාර්ශවයට එකතු වෙන බවට දුෂමාන ආරංචියක් පැතිරී ඇත. යම්හෙයකින් "රනිල් යළි අගමැති වුනොත් පැය දෙකක් වත් ජනාධිපතිධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා" යයි ජනාධිපති වරයා පැවසු බවද දැනගන්නට ඇත. "තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම්" යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට පවසා තිබිණ. හෙමිහිට මේ ගෙවෙමින් තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක ගනඳුරුම කාල පරිච්චේදයයි.
දුමින්ද මෙච්චර කාලයක් කතා කලේ කොහොමද?
ඔන්න හොඳ මොලයක් තියන හමුදා නිලධාරියෙක් හිටියා නම් අපේ හමුදාවේ රට ගැන ඇත්තටම කැක්කුමක් තියන.... මෙන්න මේක තමයි වෙලාව ක්ෂණික කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලනයක් ඇතිකරගන්න. ඔය එක දේශපාලකයෙක්වත් අපට විශ්වාස නැහැ.
බලන් ගියහම ඇමරිකවේ පුරවැසියෙක් නේ මේ ගේම් ගහන්නේ.
කොහොමද චන්ද්‍රිකා නෝනාගේ වැඩ !!
නව අගමැතිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සදහා වන කටයුතු මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් භාරව සිටින්නේ බැසිල් රාජපක්ෂ වන අතර මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාර්ශවයන් මුළුමනින්ම දිනාගැනීමට නොහැකි වීම ඔවුන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත. ශ්‍රීලනිප ආසන සංවිධායකයින් සමඟ ජනාධිපති පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව පැය 3කට අධික කාලයක් දුමින්ද හා බැසිල් අතර වන සාකච්ඡා පැවැත්වී ඇති අතර එහිදී දුමින්ද විසින් ඉදිරිපත් කළ කරුණු වෙත බැසිල් රාජපක්ෂ එකඟත්වය පළ කොට නොමැති බවද වාර්තාවේ. එහිදී දුමින්ද විසින් "පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන්නේ නම් තරග කරන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සංධානයෙන්ද පොහොට්‍ටුවෙන්ද" යන්න විමසා ඇත. එසේම සංවිධායකයන් පත් කිරීමේ ගැටලුව, පළාත් සභා මැතිවරණයේදි දෙපාර්ශවයට ලැබෙන නාම යෝජනා ප්‍රමාණ ආදී ගැටලුවලට බැසිල් පිළිතුරු දී නැති අතර ඔහු අවධාරණය කර ඇත්තේ මහින්ද මහතාට සහය වීමට පොරොන්දු පත්‍රයක් අත්සන් කර දුන්නාට පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ හැකි බවයි.. එහෙත් ඊට දුමින්ද ඇතුලු කණ්ඩායම එකඟ වී නැත.
මේවට ඉස්සෙල්ලා රටේ ප්‍රශ්නය විසඳන්න ඕනෙ නේද? දැන් අමරවීර මහත්තයා කිව්ව විදියට එක්සත් ජනතා නිදහස් සංධානය නේද ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා කියලා කතානායකට දැනුම් දුන්නා කිව්වේ... ඒත් ගිවිසුම අත්සන් කරේ එකසත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර මිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක නෙවෙයි නේද? ඒක නිසා තවමත් එම ගිවිසුම අවලංගු වෙලා නෑ නේද? එතකොට මහින්දගේ පත්වීමත් එහෙම බැලුවොත් වලංගු නෑ නේද? ඒක නිසා වෙන්න පුලුවන් රනිල් තවමත් අගැමති කියලා කියන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න.
දුමින්ද තාත්තාව අමතක කරලා අතීතය වළලලා පාක්ෂිකයෝ විඳි දුක් අම්මා, සහෝදර, සහෝදරයෝ විඳි දුක් අමතක කොට අද ඉපදුනු දුමින්ද කෙනෙක් වීම දෛවයේ සරදමක්ද?
රාජපක්ෂලා ඉදිරියේ දුමින්ද දණගස්සවයිද?
මුළු ජීවිතේම පාවා දෙන්නද යන්නේ?
අසංක වගේ මොලේ අවුල් අයට වටිනවා.
සල්ලි දීලා බිලිබාගන්න යන්න ඇති...
දුමින්ද, ඔබතුමා සතාව හොඳට අදුරනවා ඇති... කරන්න තියෙන දේ හරියට කරන්න. මුන්ව කිසිසේත් විශ්වාස කරන්න එපා. බලයට එන්න ඕන දෙයක් කරයි. බලයට ආවට පස්සේ සොරි තමයි. මංගල, ටිරාන්, ශ්‍රීපති එලියට දැම්මේ වැඩේ කරගෙන,... ශ්‍රීපති ජීවිතෙන් වන්දි ගෙව්වේ... ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රභාකරන් අමතක කරන්න එපා... බල්ලොත් එක්ක නිදාගත්තොත් අඩුගානේ මැක්කොත් එක්ක හරි නැගිටින්න පුළුවන්... නමුත් මේ අය එක්ක නිදාගත්තොත් ආයිත් නැගිටින්න ඔයා ඉතුරුකරන්නේ නෑ.
අපිට කිසිම කෙනෙක් විශ්වාස කරන්න ඕනේ නැහැ.
දුමින්දට හොද අනාගතයක් තියෙනවා. රාජපක්ෂ පවුලෙන් පිට කිසිවකු මීට පසු ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වන්නේ නැහැ. යූඑන්පියට එකතුවී රටට වැඩක් කරන්න. රාජපක්ෂ සමග සිටින සැමටම නඩු තිබෙනවා. ස්වභාවධර්මයගෙන් හෝ ඔවුන්ට දඬුවම් ලැබෙනවාමයි.
දුමින්ද මහත්තයෝ දේශපාලනය කරනවා නම් මහින්ද එක්ක වැඩකරන්න. කටු කකා ඉන්ට ඕනෙනම් රනිල් එක්ක වැඩකරන්න. හැමෝම දන්නවා ඔබතුමා කලකිරිලා ඉන්නේ මෛත්‍රීට දෙවෙනිපාර ඉල්ලන්න මහින්ද ඉඩදෙන එකක් නැහැ කියලනේ... ඔබතුමා බලන්න ඊළඟ ජනාධිපති මෛත්‍රීම තමයි. මහින්ද සම්පූර්ණ බලය යොදවලා මෛත්‍රීව ජනාධිපති කරනවා. හේතුව ඊළඟ පාර්ලිමේන්තුවේ වැඩිම බලය තියෙන්නේ අගමැතිට. ඒක විධායක බලයට වඩා බලගතුයි.
මෙයාලා එකාටඑකා බැන බැන රට රවටනවා.
ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැති බවයි කියන්නේ. බැසිල් රාජපක්ෂ මහතා දුමින්දගේ ගෙදරට දුවගෙන යන්න තරම් වැඩේ දරුණුවී ඇති බවයි ඉන් ගම්‍ය වන්නේ. 113 දැනටමත් තිබෙනවා නම් තවදුරටත් ප්‍රමාද කරන්නේ මොකද කියන එකයි ප්‍රශ්නය... දැනට එජාපයෙන් මන්ත්‍රීවරු 5 දෙනෙකු මහින්දට සහය පළකර ඇත. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්දය. එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන සහ රංගේ බණ්ඩාර මහින්ද පාර්ශවයට එකතු වෙන බවට දුෂමාන ආරංචියක් පැතිරී ඇත. යම්හෙයකින් "රනිල් යළි අගමැති වුනොත් පැය දෙකක් වත් ජනාධිපතිධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා" යයි ජනාධිපති වරයා පැවසු බවද දැනගන්නට ඇත. "තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම්" යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට පවසා තිබිණ. හෙමිහිට මේ ගෙවෙමින් තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක ගනඳුරුම කාල පරිච්ඡේදයයි...