( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපති සමාව ලැබ සිටින හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසලි හුසේන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එසේම දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාව නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පෙත්සම මගින් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.