රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න  පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන පරිදි මෙම අවස්ථාවේදී දිමුත් කරුණාරත්න වාහනය පදවමින් සිට ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් පසුවය.

දිමුත් කරුණාරත්න මේ වසරේ ජුනි, ජූලි මාසවල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා පත් කිරීමට තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටියෙකි.

ඡායාරූප - ළහිරු හර්ෂණ