(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් වසංගත සමයේදී සහන ලැබිය යුතු අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා රජයට නව ක්‍රමවේදයක් යෝජනා කරයි.
මත්පැන් මිලදී ගැනීමට මත්පැන් අලෙවිසල් (බාර්) වලට පැමිණෙන පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සටහන් කර ගැනීම එම ක්‍රමවේදය බවත් එමඟින් නියම අඩු ආදායම්ලාභීන් කවුරුන්දැයි පැහැදිලිව හඳුනාගත හැකි වනු ඇති බවත් සෙන්දිල් තොණ්ඩමන් මහතා ලංකාදීපයට පැවැසීය.
කෑම බීම පවා සොයා ගැනීමට අසීරු ආර්ථික වටපිටාවක් පවතින අවස්ථාවක කෙනෙකු මත්පැන් මිලදී ගන්නේ නම් ඔහු අඩු ආදායම්ලාභී පුද්ගලයෙකු ලෙස සැලකිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
මත්පැන් යනු ජනතාවගේ අමතර අවශ්‍යතාවයක් බවද ඔහු පැවසුවේය.
මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් බෝතල් හතර පහ ගන්නා පුද්ගලයන් අඩු ආදායම්ලාභීන් ලෙස සැලකිය නොහැකි බවත් එවැනි පුද්ගලයන්ද අද රජයේ විවිධ සහනාධාර ලබා ගන්නා බවත් තොණ්ඩමන් මහතා කීවේය.
මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් නියම අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුනට සහන සැලසීමට හැකිවන බවද සෙන්දිල් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.
පවතින ආර්ථික තත්වය හමුවේ රජය ජනතාවට සහනාධාර ලබා දෙන්නේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ බව පැවසූ තොණ්ඩමන් මහතා එම සහනාධාර නියම සහනාධාර ලැබිය යුතු පුද්ගලයන්ට නොලැබුණහොත් එය බරපතළ ගැටලුවක් මෙන්ම අසාධාරණයක් වන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
හොඳ අදහසක්... හැබැයි.. ඒ අය අනුන්ගේ අයි.ඩී. වලින් මත්පැන් ගනීවි...
ඒක ගොඩක් හොඳ අදහසක්...
ඉතාමත්ම හොද මෙන්ම අගය කලයුතු අදහසක්.. මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් සත්‍ය වශයෙන්ම තක්කඩින් ව හදුනා ගැනුමට හැකිවෙනු ඇතැයි විස්වාස කරන්නෙමු.
ඔබලාට පරම්පරා ගණනාවක ඉදන් දුප්පත් මිනිසුන්ගේ නාඩි අල්ලන්න හොඳ ඉවක් තිබෙනවා.
බාර්වලට එන අයගේ සමෘද්ධි කපන්න,
තමුන්නැහැලා විස්කි ගහනකොට ඒව මොන පැත්තටද? ඔය බාර් වලින් එන ආදායම රජය ප්‍රතික්ෂේප කරනවද?
දුප්පත් අය කියන්නේ දුකට පත් වෙච්ච අයද? සල්ලි නැති අයද? සමහරු සල්ලි නැතත් දුකක් නැතිව ඉන්නවා සමහරු සල්ලි කෝටිගණන් තිබුනත් දුකටපත් වෙලා ඉන්නවා