
සිතුම් චතුරංග
කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් දින 12ක කාලයක් වවුනියාව නගර සීමාව හුදකලා කර තිබීමට පියවරගත් බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා පැවසීය.
වවුනියාව කොවිඩ් 19 වයිරස අවදානම් තත්වය හේතුවෙන් අද (12) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වවුනියාව නගරය හුදකලා කිරීමට පියවර ගත් බව පැවසීය.
පට්ටාන්චූර් ප්‍රදේශයේ කොවිඩ් - 19 වයිරස ආසාදිත කාන්තාවක හදුනාගැනීමත් සමඟ ඇය සංචාරය කළ වවුනියාව නගරයේ ව්‍යාපාරික ස්ථානයන්හි පුද්ගලයින්ගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයන්ගෙන් ආසාදිත පුද්ගලයින් 129 දෙනකු හඳුනාගෙන ඇතැයි ද පැවසීය.
ඒ අනුව වවුනියාව මුණ්ඩිමුරුප්පුව යුද හමුදා කඳවුර අසල සිට තාන්ඩිකුලම දක්වාත් , මාමඩුව මංසන්ධියේ සිට නෙළුක්කුම මංසන්ධිය දක්වාත් නගර සීමාව හුදකලා කිරීමට පියවරගන්නා බවද ප්‍රකාශ කළේය.
දින 12 කාලයක් ගතවනතුරු වවුනියාව නගරයේ සියළු කඩසාප්පු හා බැංකු වසාදමන බවත් වවුනියාව නගරයට ඇතුළුවිය හැක්කේ රෝහල සඳහා පැමිණෙන රෝගීන්ට , රජයේ සේවකයින්ට හා අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයින්ට පමණක් බවත් අනවසරයෙන් නගරයට ඇතුළුවන පිරිස් වෙත නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවද පැවසීය.
වවුනියාව නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් හා සේවකයින් 2000 ආසන්න පිරිසක් පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර එම ප්‍රතිඵල අනුව බැංකු හා ආයතන විවෘත කරන දිනය දැනුම්දෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජය ආයතන සඳහා පැමිණිය යුතු අයෙක්වේ නම් ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඒ සඳහා විශේෂ අවසරයක් ලබාගෙන පැමිණිය යුතු බවත් ලබන 24 සිට සුපුරුදු පරිදි වවුනියාව නගරය විවෘත කිරීමට තිරණය කළ බවද කීය.
වවුනියාව නගරයේ ව්‍යාපාර ස්ථානයන්ගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී පෙරේදා (11) දිනයේ ආසාදිතයින් 51 දෙනකු හා පසුගියදා (09) 56 දෙනකු ද හදුනාගෙන හදුනාගෙන තිබිණ.
2025 දෙසැම්බර් මස 04
81
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
370
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දින 12 ක් වවුනියාව නගර සීමාව හුදකලා කරයි