(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් දෙදිනක් තුළ 15 දෙනකු මියගොස් ඇති අතර එක් අයකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම මරණ අද (10) සහ ඊයේ (09) දිනවල වාර්තා වූ ඒවා වන අතර දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 7 ක්, නායයාම්, බිත්ති හා පස්කඳු කඩාවැටීම් හේතුවෙන් සිදුවූ මරණ 8 ක් මෙලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.
මේ අතරින් මරණ 13 ක් ඊයේ (9) දිනයේදී සිදුව ඇති අතර මරණ දෙකක් අද (10) දිනයේදී සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙම මරණ ද සමඟ ගත වූ දින 12 ක පමණ කාලයේදී මෙරටට බලපෑ ආපදා තත්වයෙන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 22ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ආපදා තත්වය හේතුවෙන් හය දෙනකු තුවාල ලබා ඇතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දින දෙකකදී ආපදා මරණ 15ක්