IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දින තුනක් පරාද වු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු බලයක් නැහැ


 
(නිමල කොඩිතුවක්කු) 

     
ස්ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේදි පිට පිට දින තුනක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුව  පරාජය කර ඇති බැවින් ව්‍යවස්තානුකූලව ඔවුන්ට කිසිලෙසකින්වත් ආණ්ඩු බලය හෙබවිය නොහැකි බව එක්සත් වාමාංශික පෙරමුණේ  ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය.


එය පිළිනොගන්නේ නම්   පාර්ලිමේන්තුව තුළ කළ හැක්කේ මේ  යෝජනා නිශේධනය කිරීමට එයට වෙනස් යෝජනාවක් ගෙන ඒම පමනක් බවත් වික‍්‍රමරත්න මහතා සදහන් කළේය.


එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන් පිරිසක්  රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (19) පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙසේද කීවේය.


   ‘‘අපි 2015 ජනවාරි 08 මේ වෙනස කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුයි. එහි නියමුවා වූයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. අද ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශකළ මහින්ද රාජපක්ෂ මහතා සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් විනාශ කරමින් සිටිනවා.  මේ දෙදෙනාගෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගැනීම  අද මේ රටේ ජනතාව ඉදිරියේ ඇති කර්තව්‍යයයි.


මේ රටේ අධිකරණය ස්වාධීන වීම  ගැන අපි ආඩම්බර වෙනවා. 19 වන  සංශෝධනයෙන් එයට යම් රැකුලක් ලැබුනා. 


විශ්වාසභංග යෝජනාවලින් පාර්ලිමේන්තුවේදි පිට පිට දවස් තුනක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආන්ඩුව  පරාජය කරලා තියෙනවා. දැන් කියනවා  යෝජනාවක් සම්මත කරලා  දවස් ගණනක් කල් දීලා එන්න කියළා.

 
මේ යෝජනා තුනම  සම්මත වුනේ ස්ථාවර නියෝග වලට අනුවයි. බහුතරයකගේ ඡුන්දයෙන් ස්තාවර නියෝග අත්හිටුවන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  135 යටතේ පාර්ලිමේන්තුවට බළය ලැබෙනවා. එය ඉතාම සාමාන්‍ය කාරනාවක්.  ඒ  අනුව ස්තාවර නියේග අත්හිටුවලා මහින්දගේ ඊනියා ආන්ඩුව කෙරෙහි විශ්වාසය භංග කරලා තියෙනවා. 


මෙය පිලිගන්නේ  නැත්නම් පාර්ලිමේන්තුව තුල කල හැක්කේ මේ  යෝජනා නිශේධනය කිරීමට මෙයට හරස් යෝජනාවක් ගෙන ඒම පමනයි. ඒක කරන්නේ  නැතුව මේක ඇද ඇද ඉන්නවා.

ජනාධිපතිවරයා දැන් අනිකුත් පක්ෂවල  නායකයා කවුද කියලත් තීන්දු  කරන්න පටන් අරන් තියෙනවා. මේ රටේ යම්කිසි දේශපාලන  පක්ෂයක පාර්ලිමේන්තු කණ්ඩායමේ  නායකයා කවුද කියලා තීරණය කරන්න  ඕන ඒ පාර්ලිමේන්තු කණ්ඩායමයි.  ජනාධිතිවරයාට බැහැ වෙනත් පක්ෂවල පාර්ලිමේන්තු ඛණ්ඩායමේ නායකයා කවුද කියළා තීන්දු කරන්න.


ඔක්තෝම්බර්  26ට පෙර පැවැති තත්වයට රට ගෙන ආ යුතුයි. ඉන්පසු කෙරෙන වෙනස්කම් පිලිබඳ  ඒ පක්ෂ බලාගනිවී අද අවශ්‍ය ඒකයි. ඔක්තෝම්බර්  26 සිට අද දක්වා සිරිසේන හා රාජපක්ෂ යුගලය විසින් කරන ලද අනර්ථයන්  ඔවුන් විසින්ම නැති කළ යුතුයි.

 



අදහස් (0)

දින තුනක් පරාද වු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු බලයක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site