IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝක වාර්තාවක්

(ශානුක අරවින්ද)

ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) සමත් විය.

පැරලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කම ලෙසද එය වාර්තා අතරට එක් විය.

එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහළින් අහිමි ක්‍රීඩකයන් තරග වදින එෆ් 46 කාණ්ඩය යටතේ තරග වැදුණ දිනේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මිටර් 67.79 ක  දුරක් හෙල්ල විසිකරමින්  නව ලෝක වාර්තාව පිහිටුවේය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 ක් ලෙසද, දෙවැනි උත්සාහය  මීටර් 62.19 ක් ලෙසද සටහන් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් ක්‍රීඩකයාද විය.

2017 වසරේ ලන්ඩන්හිදී (මීටර් 57.93) සහ 2019 වස⁣රේ ඩුබායිහිදී (මීටර් 60.59) පැවැති පැරා ලෝක ශූරතාවලි දෙකේදී රිදී පදක්කම් හිමිකරගත් ඔහු, 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී  පැවැති ආසියානු පැර ක්‍රීඩා උළෙලේදී මිටර් 61.84 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනාගත්තේය. මෙවර පැරලිම්පික් උළෙලට සහභාගී වීමට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙසද එය සටහන් විය.

මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි වාර්තාව අභිබවා යෑමට සමත් වීම එහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.

2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 63.97 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ දේවේන්ද්‍ර, එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පැරණි වාර්තාවට හිමිකම් කීවේය. මෙවර තරගාවලියේදී සිය ඉහළම දක්ෂතාව දක්වමින් මීටර් 64.35 ක දුරක් හෙල්ල විසි කිරීමට දේවේන්ද්‍ර සමත් වුවද, ඔහුට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

පැා ලෝක ශුරතාවලි දෙකකදී (2017 සහ 2019) රන් පදක්කම් දෙකක් සහ පැරා ආසියානු ක්‍රීඩා උළෙලකදී (2018) රිදී පදක්කමක් දිනා සිටි ඉන්දියාවේ සුන්දර් සිං, මීටර් 64.01 ක දක්ෂතාවක් දක්වමින් මෙවර එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය. 



අදහස් (26)

දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝක වාර්තාවක්

Suraj Silva Monday, 30 August 2021 11:56 AM

ජයවේවා! රටට ගෞරවයක් ලබාදීමත්, නව ලෝක වාර්තාවක් පිහිටුවීමත්, පිළිබඳව ශ්‍රී ලංකාවාසීන් ලෙස අපගේ කෘතඥතාවය හා උණුසුම් සුබපැතුම් !!

:       0       87

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 August 2021 11:57 AM

ඔබට රට ජාතියේ ප්‍රණාමය ... !!! ජයවේවා ... !!!

:       0       62

මුණසිංහ Monday, 30 August 2021 12:08 PM

දිනේෂ් , ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය !

:       0       52

sarath perth Monday, 30 August 2021 12:12 PM

අපේ උණුසුම් සුබ පැතුම්. විශිශ්ටයි

:       0       42

Praba Monday, 30 August 2021 12:16 PM

සුභපැතුම් පුතා. හඬමින් සිටින දේශයට ඔබ සිනහවක් ගෙන ආවා.

:       0       50

fairoos Monday, 30 August 2021 12:38 PM

උණුසුම් සුභ පැතුම් .ශ්‍රී ලංකා මාතාවගේ අභිමානවත් මොහොත

:       0       38

Senarath Monday, 30 August 2021 01:26 PM

ඔබට ජය වේවා

:       0       18

ganegoda Monday, 30 August 2021 01:31 PM

අපිට ‘‘දිනේෂ්‘‘ ගැන හුඟක් ආඩම්බරයි. සිංහල වීරයෝ තවත් අපි අතර ඉන්නවා කියලා අපිට දැන්වූවාට ඔබට ගොඩාක් ස්තුතියි. ඔබේ ඉදිරි අනාගතයට අපෙන් උණුසුම් සුබපැතුම්...!!! 

:       0       26

Nihal Dharmatileke Monday, 30 August 2021 01:37 PM

ඔබ එදා නිවසින් පිටව ගියේ රට වෙනුවෙන් සේවය කරන්නයි..., එදා ඔබ රටින් පිටව ගියේ ලංකාවේ කීර්ති නාමය‍ තහවුරු කරන්නයිනේ... එම පොරොන්දු දෙකම ඔබ ඉටු කළා. මගේ ස්තුතිය හද පත්ලෙන්ම ඔබට...

:       0       28

Chamila Monday, 30 August 2021 01:50 PM

මගේ සුභ පැතුම්. ඔබ ගැන ආඩම්බරයි. තෙරුවන් සරණයි ..!

:       0       20

අමිල Monday, 30 August 2021 02:14 PM

සුබ පැතුම්...!!! 

:       0       10

ආනන්ද පිටබැද්දර Monday, 30 August 2021 02:32 PM

රටේ නම ලෝකයේ ඉහලින්ම ඔසවා තැබූ ආඩම්බර ලක් පුතුනි ඔබට ජාතියේම ප්‍රණාමය හිමි වේවා දළදා සමිඳු පිහිටයි සියළු දෙවි රැක වරණයි

:       0       14

damith Monday, 30 August 2021 02:42 PM

ලංකාවට ආඩම්බරයක් ඔබ !!!

:       0       8

Rohana Monday, 30 August 2021 02:58 PM

ලංකාවට ලැබුණු පළමු රන් පදක්කම... උණුසුම් සුබ පැතුම්...!!!

:       0       11

iiks. chandrasiri Monday, 30 August 2021 03:01 PM

ඔලිම්පික් රන්පදක්කමක්, ලංකාවට... මොනතරම් සතුටුදායක අවස්ථාවක්ද? අපි හැමකෙනාම ඔහුට ණයගැතියි. අපේ සුබපැතුම්..!!!

:       2       17

janahitha UAE Monday, 30 August 2021 03:03 PM

හඬමින් සිටින දේශයට ඔබ සිනහවක් ගෙන ආවා...

:       0       9

Niresh Monday, 30 August 2021 03:04 PM

ගොඩක්ම සන්තෝසයි මල්ලි... ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි.

:       0       6

MISHAL-MATARA Monday, 30 August 2021 03:33 PM

අපේ උණුසුම් සුබ පැතුම්...!!!. ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමී...

:       1       13

නලින් ජයකොඩි Monday, 30 August 2021 03:35 PM

ලංකා මව්බිම ඔසවා තැබූ දිනේෂ් ඔබ‍ට අප සැමගේ ආදර ප්‍රණාමය...!!!

:       0       6

Dhammika Monday, 30 August 2021 03:46 PM

ලංකා මව්බිම ඔසවා තැබූ දිනේෂ් ඔබ‍ට අප සැමගේ ආදර ප්‍රණාමය...!!!

:       0       6

madushanka Monday, 30 August 2021 03:48 PM

ගොඩක් කාලෙකින් අහපු සතුටු හිතෙන පුවතක්... පහුගිය කාලෙම දැක්ක නිවුස් එක්ක.., නිවුස් බලන එකත් එපා වෙලා හිටියේ...

:       2       10

විජිත් Monday, 30 August 2021 04:41 PM

මගේ උණුසුම් සුබපැතුම් ඔබට. මට බොහෝ සතුටුයි , බොහොම ආඩම්බරයි.

:       0       6

අමල් Monday, 30 August 2021 04:51 PM

ඔබට සුබ පැතුම්...!

:       0       12

wIJAYA Monday, 30 August 2021 06:07 PM

සොයුර, ඔයා ගෙ රත්තරන් අම්මා ඔයාට පෙව්‍වෙ රත්තරන් කිරි, ඔයා ඒකට අද කළගුණ සලකන්නෙ ඒ රත්තරන් අම්මගේ කරට රත්තරන් පදක්කමක්ම දාලයි. වෙන සැලකිලි, සැලකුම් කුමට? අපේ රන්වන්,රන්වන් රණවිරුවාට තෙරුවන් සරණයි!!!

:       0       16

Ruwan Monday, 30 August 2021 06:45 PM

මාගේ උණුසුම් සුභපැතුම් !!!

:       0       12

කල්පනා Tuesday, 31 August 2021 10:11 AM

මෙම ක්‍රීඩකයාට රජයෙන් දියහැකි ඉහළම සම්මානයක් දෙනවා නම් ඉතාම සුදුසුයි. එය මොහුට ගෞරවයක් වගේම අනෙක් අයත් දිරිමත් කිරීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 323 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2140 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site