
(නිමල කොඩිතුවක්කු)
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම දුම්රිය කලින් ආසන වෙන් කර ධාවනය කරනු ලබන දුම්රියක් වන අතර එම දුම්රිය සඳහා ආසන වෙන් කිරීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම දුම්රිය ගමන් කිරීමට කලින් ආසන වෙන්කර ගන්නා ලද මගින් සඳහා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව හෙට (28) සිට පෙබරවාරි එකොළොස් වන දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය පෙරවරු 6.30 ට ගමන් ආරම්භ කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.