IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


දිනපතා නොදන්වා විදුලිය කපන බව ලංවිම කියයි


(රංජන් කස්තුරි)
 

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
 
විදුලිබල ජනනය සීමාවී තිබීම හේතුවෙන් විදුලි පද්ධතිය නිසිපරිදි පවත්වා ගෙනයාමට අවශ්‍ය හෙයින් මෙලෙස විදුලිය කප්පාදු කරන බවද පැවසේ.
 
විටින්විට විදුලි බිඳවැටීම් සිදුවන අතර එවැනි අවස්ථාවක හිතාමතාම පැය කිහිපයක් ඒවා යථා තත්ත්වයට පත්කිරීමෙන් වැළකී සිටින බවද එසේ නොකළහොත් පද්ධතිය පවත්වාගෙන යා නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අතර අද(22) පස්වරුව වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන බලාගාර හයේම ජලමට්ටම 34.3% පමණ දක්වා පහත වැටී තිබිණි.
 
කාසල්රී 9% ක්, මාවුස්සා කැලේ 26.5% ක්, කොත්මලේ 34.2% ක්, වික්ටෝරියා 36.9% ක්, රන්දෙණිගල 88% ක් සහ සමනලවැව 18%ක් ආදී වශයෙන් ජල මට්ටම පහත ගොස් තිබිණි.



අදහස් (12)

දිනපතා නොදන්වා විදුලිය කපන බව ලංවිම කියයි

Sunil Friday, 22 March 2019 10:54 AM

නොදන්වා විදුලිය කපන කොට ජනතාවට කරදරයි. කපනවා නම් කලින් දැනුම් දීලා කාටත් සාධාරණ විධියට කපන්න.

:       68       183

Soma dubayi Friday, 22 March 2019 11:24 AM

රාජපක්ෂ නිසා ජනතාවම අඳුරේ...

:       1002       368

diasFriday, 22 March 2019 12:24 PM

රටට වැසි නොලැබෙන්නේත් රාජපක්ෂගේ වරදින්ද?

:       52       239

කසුන්Friday, 22 March 2019 12:47 PM

හොරා.. ඔයා සෝමා ඩුබායි..නෙවෙය‍ි.. තිලක් ඩුබායි නේද?

:       1       13

Mamath DubaiFriday, 22 March 2019 04:41 PM

එකඟ වෙමි....යන්න කලින් සම්පූර්ණයෙන් හදලා ගියානම් මෙහෙම වෙන්නේ නැහැ.

:       89       2

Hafeel Friday, 22 March 2019 02:11 PM

අවුරුදු 71 ක් මාරුවෙන් මාරුවට රට පාලනය කරනවා. වැසි නොලැබෙන කාලයට ජලාශවල ජල මට්ටම පහත් වැටෙන බවත්..., නොරච්චෝල විටින්විට අක්‍රය වන බවත් දන්නවා. නමුත් මේ විදුලි අර්බුදයට විසඳුම් දෙන්න බැරි පාලකයින්නේ ඉන්නේ. පත්වෙන ඇමතිලා ආපු ගමන් සුපිරි වාහන, නිල නිවාස, කාර්ය මණ්ඩලයත් ඕවට අඩුවක් නැහැ...

:       0       106

අනුරSaturday, 23 March 2019 01:59 AM

මේකට විසදුම සූර්ය පැනල ලංකාවේ හැකි සෑම පියස්සකම සවි කිරීමට රජයෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් අනුග්‍රහය දැක්වීමයි. මේ වගේ පායන කාලයේදී දිවා කාලයට විශාල වශයෙන් විදුලි බලය ඒමගින් ජනනය කළ හැකිය.

:       1       39

Sanath KandySaturday, 23 March 2019 06:53 AM

මමත් කැමතියි සුර්ය පැනලයක් සවි කර ගන්න. ඒත් ලංකාවේ තියෙන ඒවගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවා. දීර්ඝ කාලින වගකීම් සහතිකයක් සමග සුර්ය පැනල ලබා ගත හැකි තැනක් තියෙනවද?

:       0       30

Alan Friday, 22 March 2019 02:20 PM

කතාව 2025 මහා ආර්ථික විප්ලව..., හැබැයි විදුලිය නෑ රට වටේ, ඉතින් එ්විද ආයෝජන?

:       0       134

mangala Saturday, 23 March 2019 04:16 AM

මොකක්ද රාජපක්ෂගේ ප්‍රශ්නේ, නොරොච්චෝලේ හදපු එකද ඉතින් එකේ ප්‍රශ්න තියනවනම් හදාගන්න තිබුනනේ, මේ ආණ්ඩුවත් 2015 ඉදන් හිටියනේ. මේ වැඩ බැරි ආණ්ඩුවට ඒකවත් හදාගන්න බැහැ. මේගොල්ලෝ එනකොට ලොකු කතා කිවා එත් අපි තාම අදුරේ තාම අපි වැස්ස එනකම් බලන් ඉන්නවා කරන්ට් එක ගන්න. බොරු එපා මහත්වරුනි වැඩ කරන්න.

:       0       131

Kandasome Saturday, 23 March 2019 01:19 PM

උදේ 8ට කපලා 6ට ආවේ. ආයේ 6.15ට විදුලිය ගියා.

:       0       4

mendis Saturday, 23 March 2019 02:06 PM

නොදන්වාම විදුලිය කපනවා නම්, බුකියකට ගොස් විදුලිය අද කපනවාද, නැද්ද යන්න සඳහා ඔට්ටු ඇල්ලීම පටන් ගත යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 85 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2217 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 687 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site