(අංජුල මහීක වීරරත්න)
අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලු දෙනා අල්ලන තුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත අද (2) දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කළේ ශ්‍රී ලංකාවේ ස්ථාන 6 කට එකවර හා තවත් ස්ථාන දෙකකදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පැය 12 ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සියලු කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ආරක්ෂක අංශ රජයට දුන් නවතම වාර්තාව බාර ගැනීමෙන් පසුවය.
වර්ෂ 2015 තෙක් එල්ටීටීඊ ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ක්‍රියාකළ ශ්‍රී ලංකාවේ බුද්ධි හා ආරක්ෂක අංශ තාක්ෂණයත් සමඟ නවීකරණය වූ ත්‍රස්ත ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියා කිරිමට පෙළ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපය ඇතුළත අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඉහත වාර්තාවේ දැක්වේ.
එසේම සාම සාධක හමුදා ලෙස මාලි රාජ්‍යයේ කළ සේවයේ අත්දැකීම් ද අයිඑස්අයිඑස් මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.
ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා කෙරෙන ඩීඑන්ඒ පරීක්ෂණ කඩිනම් කිරිමට ස්කොට්ලන්ඩ්යාඩ් හා එෆ්බීඅයි සංවිධානවල සහය හිමිවීම පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට හැකිවූ බවද ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
COMMENTS
වහාම මැතිවරණයක් පවත්වා රටට සුදුසු නායකයා පත් කරගන්න මහජනයාට ඉඩ දෙන්න.
බීන් මේ අස්සෙත් විහිලු කතා කියනවා.
දැන් ඉතින් ඔක්කොම ටික වෙලා ඉවරයිනේ්.......
කාදිනල් උන්නාන්සේට වෙඩි නොවදින රථයක් දෙන්න ගිහිල්ල අග මැට්ට ඇනගත්ත නේද? හු හු ඇද්ද.
අනේ මෙයා මේ මොනවාද දොඩවන්නේ..???
මෙයාද දැන් ආරක්ෂක ඇමති ?
කරුණාකරලා මැතිවරණයක් තියලා රටට සුදුසු නායකයෙක් පත් කරගන්න ජනතාවට ඉඩ හරින්න.ඔබේ බල තණ්හාව නිසා රටට සෑම අතින්ම පහළටම වැටුණා. ව්‍යස්තාවටයි , නීතියටයි වෙට්ටු දදා බලයේ හිටියා ඇති. මේක මහ කරුමයක් මගේ මාතෘ භූමියට
බණ්ඩාර කොහොමද කියන්නේ ඔක්කොම වෙලා ඉවරයි කියලා..........එතකොට ඔය අහුවෙන කඩු කොස් කොටන්න ගෙනාපුවද?
ඕක කියන්නත් දෙයක්ද?
1983 ඉදන් මේ රටේ විවිධ තැන්වල බෝම්බ පිපිරුනා. හමුදා කදවුරු සතුරො අත්පත් කර ගත්තා. දාස් ගණන් මිනිස්සු, සොල්දාදුවො මැරුන. ඒ කාලෙ ආණ්ඩු වලට අස් වෙන්න කිව්වද? හැමදේකටම ප්‍රති කලයුත්තක් තියෙනවා. මේ බෝම්බ පිපුරුනෙ නොසැලිකිලිමත් නිසා. ඒ වෙනුවට අද හොද ආරම්බයක් දීලා තියෙනවා හමුදාවෙන්, පොලිසියෙන්. දැන් කිසිම කටයුත්තකට දේශපලකයො අත නොපා වැඩේ කරන්න දෙනවා. මේ තව ක්‍රමවත් විය යුතුයි. මේ විනාසෙ උනේ රටේ පාලකයා ඇස් කන් පියාගෙන හිටපු නිසා. තමන්ගේ දේසපාලන වාසිවලට රටේ වැසියො බිල්ලට දෙන මේ අය ඉල්ලා අස්වෙන්න ඕනෙ. ආණ්ඩුවට ඇගිල්ල දික් කරලා තමන් නිවැවෑරදී කියන මේ අයට කවදාවත් රටේ නායකයා වෙන්න දෙන්න හොද නෑ.
කව්ද ජාත්‍යන්තරයද කිව්වේ මෙහෙම කරන්නයි කියල?
මේ දවස්වල කාගෙන්වත් බලපෑම් එල්ල නොවන නිසා මේවා ඒ විදිහටම කෙරීගෙන යයි. ඊටපස්සේ හෙමින් හෙමින් අඩුවෙයි අපේ මිනිසුන්ටත් ඉක්මනට අමතක වෙන ලෙඩේ තියෙන නිසා