
(ඩයනා උදයංගනී)
ගතවන සෑම පැයකදීම මෙරටින් ළමා අපචාර සිද්ධීන් එකක් හෝ ඊට වැඩියෙන් වාර්තා වන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
දිනකට ළමා අපචාර සිද්ධීන් 32ක් මෙරටින් වාර්තා වන බව කී ඇමතිවරයා මෙම වසරේ ගතවූ දින 333 ක කාලයේදී ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 10,713 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇතැයි සඳහන් කළේය.
එම පැමිණිලිවලින් වයස අවුරුදු 5ට අඩු ළමයින් සම්බන්ධ අපචාර සිද්ධීන් 1,632 ක්, අවුරුදු 6 ත්, 10 ත් අතර ළමුන්ට සිදුවූ අපචාර සම්බන්ධ පැමිණිලි 2,626 ක්ද වූ බව ඇමැතිවරයා කීවේය.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (15) පැවති “දරුවන් පිළිබඳ වාර්තාකරණයේ දී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාර ධර්ම” පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ළමා අපචාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද ඇමතිවරයා පැවැසීය.
2025 නොවැම්බර් මස 17
89
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
930
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දිනකට ළමා අපචාර 32ක්
fairoos Thursday, 16 December 2021 05:30 PM
මේ ආණ්ඩුව රටට සාපයක්.
පිටිගල මිලානෝ Thursday, 16 December 2021 06:00 PM
අවංකව හිතලා බැලුවොත් ගොඩක් ගෑනු අය තම නෑදෑ මස්සිනාලා, ඒ අයගේ යහලුවන් අතින් වුණු සුලු සුලු දේවල් වල මතකයන් ඇති. මේවාගෙන් බාල අපචාර වෙන්කර ගැනීමේදී බොහෝමත්ම සැලකිලිමත් වියයුත්තේ නිස්කාරනේ මිනිසුන්ට දීර්ඝ දඩුවම් ලැබෙන නිසාය. අප සියල්ලටම මෙවැනි අත්දැකීම ඇති නමුත් සමහරුන්ට ඒවා සදාකාලික රසරහස්...