
(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1200 කට ආසන්න සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එක්දින සේවයේ දෛනික සාමාන්‍ය ඉල්ලුම්පත් සංඛ්‍යාව 1000 ක් පමණ වන බව කී එම නිලධාරියා පැවසුවේ සුළු වැඩිවීමක් තිබුණ ද පසුගිය ඔක්තෝබර් මස පැවැති තදබදකාරී තත්වය මේ වන විට පහව ගොස් ඇති බවයි.
ප්‍රධාන කාර්යාලය දිනකට සාමාන්‍ය සේවා අයදුම්පත් 800 ක් පමණ බාරගන්නා බව පැවසූ එම නිලධාරියා ජනතාවට දින සහ වෙලාව වෙන්කරගැනීමෙන් තොරව සේවා ලබාගැනීමේ අවස්ථාව ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
යක්කු රටින් පනින්න යන්නේ.සර් ගේ තොවිලේ කරනවා
සියලුදෙනාට ඉක්මණින් මෙරටින් යාමට හැකිවේවා..!
සෞභාග්‍යයමත් රට දාල යන්නේ ඇයි? මතක ඇතුව ලබන ඡන්දෙට බස් පැක් කරලා පෙළපාලි යන නිසා ඒ කාලෙට ලංකාවට එන්න. බත් පැකට් එකයි අරක්කු නම් එතුමා අතින් නමුත් ජනතාවගේ පොකට් එකෙන් දෙන්නේ... ඡන්දෙදී ලැබෙන විනෝදය ඔය කොයි රටක ගියත් ලැබෙන්නේ නෑ හරිද?. මේ වියදම් පියවන්නත් එක්ක තමයි රට බංකොලොත් වෙන්නේ... ඒක තේරෙන මොළ ගෙඩි ලංකාවේ නැති හින්දා නැව ගිලෙනකම් එතුමන් නමදිමින් පන්දම් අල්ලමු...
ලංකාවේ රජයේ සේවකයෝ ලක්ෂ 17 ඉන්නවා. නමුත් ගමන් බලපත් නිකුත් කළ හැක්කේ දිනකට 1200ක් පමණි.
කියනකොට නම් ඩිජිටල්... ආසියාවේ ආශ්චර්යය, නමුත් සත්‍ය තත්වය මේක තමයි... හැම අතින්ම ෆේල්... ඔය පාස් පෝට් කන්තෝරුවේ සේවකයින් 200කට වැඩි පිරිසක් සේවය කරනවා... අවශ්‍ය නවීන තාක්ෂණය තිබෙනවා. නමුත් වැඩ සිදුවෙන්නේ නැහැ..