(දසුන් රාජපක්ෂ)
හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දිනකට පැය දෙකක කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව ප්‍රවාහන කළමණාකරන විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට අද (4) ප්‍රකාශ කළේය.
ණය සීමාවන් ඉක්මවා යෑම හේතුවෙන් කෙරවළපිටිය බලාගාරයට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් එම බලාගාරයේ විදුලිය උත්පාදන කටයුතු ඇණහිටීම නිසා විදුලි බලය විසන්ධි කිරීමට තීරණය වී තිබුණු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
විදුලිය විසන්ධි කිරීම හරහා ජනතාව පත්වන අපහසුතාවය කෙරෙහි අවධානය යොමු කර කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා ගෙන කෙරවළපිටිය බලාගාරයට අඛණ්ඩව ඉන්ධන සපයන ලෙස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තමා උපදෙස් ලබා දුන් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළ බැවින් විදුලි බලය කපා හැරීම අත්හිටවූ බව ඒ මාතා කියා සිටියේය
2025 දෙසැම්බර් මස 04
549
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිනකට පැය 2ක් විදුලි විසන්ධි කිරීමේ තීරණය අවලංගුයි
lanka Tuesday, 04 February 2020 10:32 AM
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට විදුලිබල මණ්ඩලයෙන් මුදල් ලැබුනේ නැහැ කියලා රටේ ජනතාවට විදුලිය දෙන්න අවශ්‍ය තෙල් නිකුත් නොකර ඉන්න කිසිම අයිතියක් නැහැ. ඛනිජ තෙල් සංස්ථාව තියෙන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. එ්කේ වියහියදම් සේවක පඩි සහ නඩත්තු වියදම් වෙනුවෙන් අවශ්‍ය මුදල් තමයි බජට් එකෙන් වෙන් කරන්නේ... ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලික අංශයට දෙන තෙල් වෙනුවෙන් අනිවාර්යයෙන් මුදල් අයකරගන්න ඕනෑ. නමුත් රටේ ජනතාවට විදුලිය දෙන්න අවශ්‍ය තෙල්, මුදල් ලැබුණත් නොලැබුණත් අනිවාර්යයෙන් නිකුත් කරන්න ඕනෑ. සල්ලි ලැබුනේ නැහැ කියලා තෙල් නොදී ඉන්න ජනතාවගේ බදු මුදලින් නඩත්තුවෙන ආයතනයකට බැහැ. හරි නම් ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්න ඕන කිසිම ලාබයක් තියා නොගෙන. විදුලි බල මණ්ඩලයත් ජනතාවට විදුලිය දෙන්න ඕන තව කීයක් හරි අඩුකරලා. මේවා ජනතාවට අත්‍යාවශ්‍ය දේවල්... මේ වලින් ලාභ හොයන්න රජයේ ආයතනවලට කිසිම අයිතියක් නැහැ. මේවල වියදම් පියවා ගන්න. පඩි නඩි ගෙවන්න තමයි රටේ ජනතාවගෙන් සහ සියලුම බඩු මුට්ටු වලට බදූ ගහලා ආණ්ඩුවක් සල්ලි හොයන්නේ...
bandula Tuesday, 04 February 2020 10:48 AM
තමන්ගේ ගෙදර ආරාවුලක් දුර ගිය තරමක්...! ඇති යන්තම් ඔහොම බේරුණා..
විජිත් Tuesday, 04 February 2020 11:23 AM
ශ්‍රී ලංකාවේ මේ තත්වය ඇතත් දියුණු රටවල ඔය විදුලි කප්පාදුව කරන්න බැහැ. ඒ සඳහා නීත්‍යානුකූල හෝ තාක්ෂණික කඩා වැටීමක් හේතුවක් ලෙස සලකනවා හැර... ඔය අපේ රටේ කියන විදිහට.. අරයා තෙල්වල සල්ලි දුන්නේ නැහැ.. ඒ නිසා මම එයාට ආයේ තෙල් දෙන්නේ නැහැ... වගේ බයිලා දියුණුයි කියන රටවල කියන්න බැහැ. මොකද නීතිය ඒ රටවල "සියල්ලන්ටම ඉහළින් " සිටින නිසා... යමෙක් නිවසකට විදුලිය ලබා ගැනීමේදී විදුලිය සපයන සමාගම සමග ගිවිසුමකට එළැඹෙනවා.." අනවරත විදුලි ධාරාවක් " පාරිභෝගිකයාට ලබා දෙනබවට. ඒක සහතිකයක්.... විදුලිය සපයන්නේ න්‍යෂ්ටික බලයෙන්ද, පොසිල ඉන්ධන වලින්ද කියන එක පාරිභෝගිකයාගේ ප්‍රශ්නයක් නොවෙයි. එයාට නොකඩවා විදුලිය ලබාදීම වෙනුවෙන් පාරිභෝගිකයා ඒ සමාගමට ගෙවනවා. පසුගිය වසරේ ප්‍රංශයේ විදුලිය ඇනහිටියා භූගත කේබලයක විදුලි කාන්දුවකින්. මට මතක හැටියට වාහන 14කින් පැමිණි තාක්ෂණික නිලධාරීන් පැය 2ක් තුළ උත්සාහ කළා.. අන්තිමේදී විශාල ධාරිතාවක් ඇති ජෙනරේටරයකින් ප්‍රදේශයට විදුලිය දුන්නා. ඒ වගේම මගේ ටෙලිෆෝනයට...
බද්රානි Tuesday, 04 February 2020 11:39 AM
උදේ අටේ සිට, හවස පහ පහුවෙනකම්, විදුලිය කපන ලංකාවේ නාගරික ප්‍රදේශ තියනවා කියලා ඇමතිතුමා දන්නේ නැද්ද? විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත් ජනාධිපතිවරයා යටතට පවරා ගත යුතුයි. එසේ නැතිව ඔය පවතින විදුලි මාෆියාව නතර කරන්න බැහැ.
dineshaTuesday, 04 February 2020 05:02 PM
ඔය කියන නාගරික නම් කරලම කිව්වනම් තමා හොඳ.
විජිත් Tuesday, 04 February 2020 11:44 AM
මගේ ටෙලිෆෝනයට කෙටි පණිවිඩයක් ලැබී තිබුණා.. විදුලිය සපයන EDF සමාගමෙන්.. එහි මෙසේ සඳහන් වුණා.. විදුලි රැහැනක දෝෂයක් නිසා ඔබ නිවසට පැය 2 මිනිත්තු 20ක් විදුලිය ලබාදීමට අපහසු වීම පිළිබඳව අපගේ කණගාටුව. එමෙන්ම ලබන මස ඔබගේ විදුලි බිල්පතෙන් යුරෝ 36.00 අඩුකළ බවද කරුණාවෙන් සලකන්න.." ඒක තමයි නීතිය. ගිවිසුම අනුව සමාගමෙන් යම්කිසි මුදලක් පාරිභෝගිකයාට ලබා දෙනවා "සිදුවුණු අපහසුතාවය" වෙනුවෙන්. අපේ රටේ නීතියක් නැතිකොට එවැනි පහසුකම් බලාපොරොත්තු වෙන්නේ කෙසේද..? ජැක් ශිරාක් මහත්මයා ප්‍රංශයේ ජනාධිපති කාලයේ විදුලි වෘත්තිය සමිති සමග පොඩි ගැටුමක් ඇතිවුණා. පසුවෙනිදා පාන්දරම ජනාධිපති නිවස තිබෙන පැරිසියේ කොටසේ විදුලිය විසන්ධි කරලා දැම්මා වෘත්තිය සමිති විසින්... ඉල්ලීම ලැබුණා. විදුලිය දුන්නා. හැබැයි ඔය ඔක්කොම නීතියට අනුකූලවයි සිදුවෙන්නේ. අපේ රටේ තියෙන්නේ "විදුලි මාෆියාවක්" බව විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැනේ. විදුලිය සපයන කොම්පැනියක් එයාලාගේ ජේනරේටර්ස් සියල්ල රජයට විකුණන්න සුදනම්වුණ අවස්ථාවේ ඒවා මිලට නොගෙන ඒ ආයතනයෙන්ම වැඩි මිලට විදුලිය ගත්ත කෛරාටික පාලකයින් සිටින රටක් මේ...
චමින්ද Tuesday, 04 February 2020 12:07 PM
අපි බලමු මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලැබුණාමත් ඔහොම කරයිද කියලා. අපිට මතකයි 2015.01.08 දිනට පෙර ඉන්ධන මිලට කළදේවල්. ඒ කාලේ ඉන්ධන වෙනුවෙන් අධිකරණයේ නියෝගත් නොසලකා හැරි කාලයක් වගේ සුළු මතකයක් තියෙනවා.
Dewa Tuesday, 04 February 2020 01:39 PM
මේ සංදර්ශන...ඡන්දය එනකම් බලාගත හැකිය.
ranjith Tuesday, 04 February 2020 10:13 PM
හැම එකම බොරු බේගල් දොඩන්නේ ලගදී නේද ජලාශ පිරිලා ඉතිරිලා ගියේ
Rata Perata Wednesday, 05 February 2020 07:21 AM
මොන ඇමතිලද මේ? කව්රුහරි හරි ලොක්කෙක් කතා කරලා බනින්න ඇති. ඡන්දයක් එනවා කියලා.