( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව නෙළුක්කුලම ග්‍රාම සේවක කොට්ඨාශයේ පදිංචි දෙදරු මවකගේ මළ සිරුරක් ළිඳක තිබී අද (20) ගොඩ ගත් බවට නෙළුක්කුලම් පොලීසිය කියා සිටියේය.
නෙළුක්කුලම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර ඊයේ රාත්‍රියේ මෙම කාන්තාවගේ නිවසින් කෑගසන ශබ්දයක් ඇසී ඇති අතර ප්‍රදේශවාසින් විසින් නිවසට ගොස් බලන විට දරුවන් දෙදෙනා පමණක් සිට ඇති අතර මව නොසිටීමෙන් පරික්ෂා කළද හමු වී නොමැත.
අනතුරුව අද උදෑසන සිදු කරන ලද පරික්ෂාවකදී එම කාන්තාවගේ මළ සිරුර අසල පිහිටි ළිඳක තිබී ප්‍රදේශවාසීන් දැක ඒ බව නෙළුක්කුලම් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් මළ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.
මළ සිරුර ගොඩට ගැනීමෙන් පසුව කාන්තාවගේ ගෙලෙහි තියුණු ආයුධයකින් කැපුම් තුවාලද දැකගත හැකිව තිබෙන පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් නෙළුක්කුලම් පොලීසිය හා වව්නියාව පොලීසිය එක්ව පරික්ෂණයක් අරඹා ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 11 ක සහ අවුරුදු 05 ක් දරුවන් දෙදෙනෙකුගේ මවක් වන බවටද පරික්ෂණ සිදු කරන නෙළුක්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd