(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාට වැරදිකරුවන් වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දඩුවම ගිහිල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල අභියාචනයක් යොමු කර නොමැති බවත් ධනුෂ්ක සහ කුසල් ඉදිරිපත් කළ අභියාචනය ඉදිරි විධායක කමිටුවට ඉදිරිපත් කරන බවත් මොහාන් මහතා කීය.
මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසර තරග තහනමක් සහ රුපියල් කෝටිය බැගින් වන දඩයක් ඇතුළත් දඩුවමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හරිම විහිළු. මේ තුන්දෙනාටත් රංජන් රාමනායකට දුන්න තීන්දුවම තමයි.
කිසිදු විධානයක් නොමැති විධායක කමිටුව නමැති පඩ රැල්ලන් ගෙන් පරිපුර්නාවූ නිවටයන් ලබන සතියි එකතුවී මාසයක කාලයක් සදහා තහනම අඩුකරන ලදී... දඩ මුදලද තිදෙනාටම රුපියල් 1200 ගෙවන ලෙස අණ කරන ලදී. ඒ සදහා සහන කාලයක්ද දෙන ලදී...... අනාගත ක්‍රීඩකයන්ට ඉතාමත්ම හොද ආදර්ශයක් මෙම තකතීරු කමිටුව විසින් ලබාදෙන ලදී.
මේ දෙන්නාට ඇමරිකන් ගමන සෙට් වෙලා නැති හැඩයි .කොහොමත් හෙට අනිද්දට ඔය දඬුවමත් රිවස් වෙයි
දීපු දඬුවම මදි ,අවම වශයෙන් කෝටි 2 ක් වත් දඩ ගහලා සියලුම දේශීය සහ ජාත්‍යන්තර තරඟ අවුරුදු 2 ක් වත් තහනම් කරන්න ඕනේ .මොවුන් දිගින් දිගටම විනය විරෝධී ලෙස හැසිරුනා .මොවුන්ට බුරුල දුන්නොත් තරුණ කණ්ඩායම් හදා ගන්න බැහැ .මොවුන් දක්ෂතා අතර නැහැ .
අවුරුද්දක තරඟ තහනම නිසා ආදායම් මාර්ගය නැතිවී ඇති බැවින් දඩ මුදල රුපියල් සියය දක්වා අඩු කිරීමට තීරණය කරන ලදී .
මම නම් ඉල්ලන්නේ අවුරුදු 3ක් වත් කරන්න කියලා.., අලුත් ක්‍රීඩකයෙකුගේ අවස්ථාව නැති නොකර...
මෙන්ඩිස්, ලකුණු රැස්කරෙත් නැති එකේ ඔයා මේ කාලේ ගෙදරට වෙලා කුසල් ටිකක්වත් රැස්කරගන්න උත්සාහ කරන්න. ධනුෂ්ක, ඔයා ඉන්නේ ගුණහිලක. පුළුවන් නං ඒ හිල වහගන්න උත්සාහ කරන්න. ඒ ටික කරගත්තොත් ඔය අවුරුද්දෙන් පස්සේ වත් ක්‍රිකට් ගහන්න පුලුවන් වෙයි. නැත්තං අයෙත් ඔයාලා ඇවිත් අපිට රැස්කරවන්නේ අකුසල් සහ අගුණ. සරලව කිව්වොත් අර "පව් දෙනවා" කියන්නේ, අන්න ඒක.
ආණ්ඩුවට පක්ෂපාතනම් නිදහස් කරන රටක් ලංකාව.
මොවුන් සිටිත්දි කිසිම ජයක් ලැබුනු බවක් නැහැනේ ඉතින් කරන්න ඔන කණ්ඩායමෙන් ඉවත් කිරීමයි
ඇයි දඬුවම් අඩු කරන්නේ.?
ලංකාවේ දේශපාලකයො රටට කරපු විනාශයෙ හැටියට මේ මිනිස්සු වරදක් කරල නෑ... ඒ අතින් බැලුවාම නිර්දෝශීයි...
ඇමෙරිකාවට ගිහින් ක්‍රිකට් ගැහුවා නම් හොඳයිනේ... අපි ඒකට හරි කැමැතියි.
ඇමෙරිකන් කණ්ඩායමට මේ ගොල්ලන් ක්‍රිකට් ගහන්න යනවා කියන එක මේ ගොල්ලන් විසින්ම ප්‍රචාරය කරපු බොරුවක්...
අපේ සර්ට කිව්වා නම් ඕනෑ දෙයක් කරගන්න පුළුවන් වෙයි.