IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


දැඩි කොන්දේසි මත 21 සිට රට අරී

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලියේ)

කොවිඞ් 19 වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 21 වැනිදා අලූයම 4.00ට ඉවත් කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම සංචරණ සීමා දින තුනකට පසු, ලබන 23 වැනිදා රාතී‍්‍ර 10 සිට 25 වැනිදා අලූයම 4 ට තෙක් යළි කි‍්‍රයාත්මක කෙරෙන බව ද යුද හමුදාපතිවරයා කියයි.

කෙසේ වෙතත්, සංචරණ සීමා මෙසේ ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකරන බව ද ඔහු කියයි

කොවිඞ් ව්‍යාප්තියේ යම් පාලනයක් සිදුවී ඇති බවට වෛද්‍ය විශේෂඥවරුන් පෙන්වා දීම හේතුවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම සදහන් කළේය.

සංචරණ සීමා ඉවත් කළ ද සුහ`ද හමුවීම්, සාද පැවැත්වීම් සදහා කිසිසේත් අවසර ලබා නොදෙන අතර, ගාලූ මුවදොර වැනි ප‍්‍රසිද්ධ ස්ථානවල එක් රැුස්වීම් සම්පූර්ණයෙන්ම තහනම් බව ද යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේය.

සංචරණ සීමා ඉවත් කරන දින තුනක කාලයේදී රාජ්‍ය සේවකයන් සිය රාජකාරී ‘‘ඔන්ලයින් ක‍්‍රමයට’’ සිදුකිරීම සදහා රජයෙ උපදෙස් ලබා දී ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන්  කළේය.

කොවිඞ් වයිරස ව්‍යාප්තිය වැළැක්වීම හේතුවෙන් ඉකුත් මැයි මස 21 වැනිදා සිට මු`ථ දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබිණී.

 



අදහස් (30)

දැඩි කොන්දේසි මත 21 සිට රට අරී

Mihira Friday, 18 June 2021 02:03 PM

මෙයාගේ කතා ඉස්සර පිළිගත්තා... දැන් සතපහකට විශ්වාස නැහැ.. 20 කියයි.. එ්ක අවලංගුයි... අරයගේ මෙයාගේ ඉල්ලීම මත කියලා දෙකක් නැහැ ආයේ...!!!

:       58       783

මහසෙන් Friday, 18 June 2021 02:15 PM

ඉරිදාට වෙන මොනවත් කියන්න ඔට්ටු නෑ... හාද?

:       11       218

kumara Friday, 18 June 2021 02:31 PM

දැන් ඔය මොන රට ගැනද කියන්නේ? මොකද මේ රට නම් වහපු බවක් පේන්න තිබුණේ නෑ පහුගිය දවස්වල...

:       1       392

Chris Friday, 18 June 2021 02:56 PM

ඉදිරි මාසය ඉතාම තීරණාත්මක බවද.... ? කියන්නේ..

:       0       2

sachith Friday, 18 June 2021 02:57 PM

ඇත්තටම මේ දවස්වල රට වහලද තිබ්බේ?

:       0       6

Rata Perata Friday, 18 June 2021 03:02 PM

ඔය තරු ගහගෙන අර අරක්කු පන්නපුවා වගේ වැඩ කරන්න ලැජ්ජාවක් නැද්ද ඔහේට..? ඕකට තමයි කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ කියන්නේ...

:       0       5

Rohana Friday, 18 June 2021 03:06 PM

සංචරණ සීමා ලබන ජුනි 27 වැනිදා දක්වා දික්කරන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. එහෙම නොවුනොත් පුදුමයක් විය හැකියි...

:       1       1

Sunil Friday, 18 June 2021 03:07 PM

දොඩවනවා විතරයි..!!!

:       0       3

ළිං මැඩියා Friday, 18 June 2021 03:16 PM

මේවා තේරුමක් නැහැ. දැනටත් රජයේ ආයතන වල අත්‍යාවශ්‍ය රාජකාරි කියලා මවාගෙන වැඩ කරනවා. ඩිවිෂන් වල සේවකයින් නිකන් ගෙනැල්ලා පුටු රත් කරනවා. සංචරණ සීමා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ...

:       0       8

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 18 June 2021 03:18 PM

බලපුවාම මම විතරද මන්දා ගෙදරට වෙලා හිටියේ...?

:       0       2

Kodi Friday, 18 June 2021 03:40 PM

භයානක ඉන්දීය ප්‍රභේදය ඊයේ පෙරේදා හමු වුණා කීවේ මොන රටේ වෛද්‍ය පර්යේෂකයින්ද සෑර්? ඇත්තම කතාව බාර් වැසීමෙන් ආදායම් අඩු වීම.5000/- දීගන්න බැරිවීම වගේ ඒවා නෙවෙයි මයේ හිතේ. අනේ මේ කියන්නේ ලංකාව ගැන එහෙම නම් හිතන්න එපා...

:       1       51

Jude perera Friday, 18 June 2021 03:50 PM

කවුද බන් රට වැහුවේ?

:       0       84

Nuwan Friday, 18 June 2021 03:59 PM

මෙතුමා කරන වැඩ දැක්කාම ෆ්‍රෙඩී සිල්වා මහත්තයා මතක් වෙනවා.

:       7       164

පප්ප Friday, 18 June 2021 04:01 PM

මෙයා ඒ අස්සේ සතොසට, අරක්කු ගන්න ගේමක් දුන්නා කියලා අනුරාධපුර පැත්තේ කොල්ලන් කියනවා ඇහුණා...

:       0       102

parakkrama Friday, 18 June 2021 04:06 PM

මොන බොරුද? හරියට වහලා තිබුණේ තැබෑරුම් ටිකයි, රට බීමහල් ටිකයි... විතරයි නේද?

:       1       85

Rata PerataSaturday, 19 June 2021 01:14 PM

එකඇත්ත එකෙනුත මෙයලා බෝතල් 800 ක් හොරෙන් ඉස්සුවේ

:       0       3

විජිත් Friday, 18 June 2021 04:49 PM

මට දැනගන්න ලැබුනා 21 වෙනිදා රට ඇරලා ආයෙත් 23 වෙනිදා වහනවලු. මේ පාලකයින් මහා මෝඩ බූරුවෝ ටිකක්. 21 වෙනිදා මිනිස්සු සංචරණය පටන් ගත්තාම වයිරසය තවමත් සිරුරේ සැඟවී - (බීජව්ෂණ කාලයේ) ඇති අය මගින් අනිත් නිරෝගී අයට බෝවෙන්න පුළුවනි. ඒ නිසා තමයි වයිරසයේ භයානකකම හොඳින්ම දන්නා, දේශකාපාලුවන්ට නැවෙන්නේ නැති, විද්‍යාඥයින් කියන්නේ රට සම්පූර්ණයෙන්ම දවස් 15 ක් වසා දමා, ඇඳිරි නීතිය දමන්න කියලා. අපි බලමු මේ පාලකයින් කියන හරක් රැල ( හරකුන්ට අපහාසයක් නොවේවා ) ඊගාවට " ගා " ගන්නේ කොහොමද කියලා? ශවේන්ද්‍ර ඔබ ගැනනම් මට කියන්න තිබෙන්නේ ලැජ්ජයි කියලා....

:       2       213

vikum Friday, 18 June 2021 07:06 PM

අපි හැමෝම යම්යම් වෘත්තීන්වල ඉන්නකොට විවිධ නීති, මතවාද වලට අවනත වෙන්න වෙනවා නේද? එ්ක නිසා මෙතුමාට දොස් නැගීම විහිලුවක්..., මෙතුමාත් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිගේ මතය මිසක් එතුමාගේ මතය නොවෙයි...

:       37       168

Nihal Saturday, 19 June 2021 05:05 AM

මේ යුද හමුදාපති මිසක් නිකන් රජයේ සේවකයෙක් නෙවෙයි.

:       0       1

de silva Friday, 18 June 2021 07:27 PM

ෆ්‍රෙඩී සිල්වාගේ විහිළු කතා කවුද විශ්වාස කරන්නේ... හමුදාව ගැන තිබුණු විශ්වාසයත්, ගෞරවයත් විනාශ වුණා..

:       0       127

Nihal Friday, 18 June 2021 08:05 PM

නීති රාමුවක් තිබුණා නම් වෙන රටවල යුද හමුදාව මේ මනුස්සයට නඩු දානවා. ගෝලීය වශයෙන් යුද හමුදාවට කැලළක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරනවා කියලා...

:       2       100

Deepal Nirosh Friday, 18 June 2021 09:02 PM

දෛනික ආසාධිතයින් ගණන 1000ට වත් අඩු වෙන තුරු වසා තිබූ රට ඇරීම සුදුසු නැහැ. මේ ආකාරයට සංචරණ සීමා සහිතව පවත්වා ගැනීමයි සුදුසු... අඩු ගණනේ රාත්‍රී 9.00 සිට අළුයම 4.00 දක්වා හෝ ඇඳිරි නීතිය පැනවීමත් වැදගත්...!!! 

:       0       5

Ajantha Friday, 18 June 2021 09:11 PM

2025 වෙනකම් මෙහෙම වහලා තිබ්බත් වැඩක් නෑ...

:       0       27

Dilshad Friday, 18 June 2021 09:13 PM

මෙතරම් පදක්කම් ගොඩක් තියෙන්නේ හරිම දක්ෂයන් වෙන්න ඕනේ...

:       0       12

Ranjan Friday, 18 June 2021 10:35 PM

මේ විකාර මගින් කොරෝනාව පාලනය කරන්න බැහැ. කටින් කීවාට මේ නීති හැමදාම. වෙන දෙයක් නැහැ. කරන්න ඕනේ සම්පූර්ණ ඇඳිරි නීති සහ අඩුම ලෙස දින 14 -21ක් දමන්න ඕනේ... නැතිව කවදාවත් මේ විදිහට ඕනේ මේ එක එක වෙලාවට වෙනස් කර කර මේ වැඩේ වෙන්නේ නැහැ..

:       0       58

මුණසිංහ Saturday, 19 June 2021 07:07 AM

මේක තමයි නිවැරදිම කතාව... රටේ ආර්ථිකය ගැන හිතලා මෙහෙම කරනවාට වඩා එකවරම දවස් 21 ඇඳිරි නීති තත්ත්වය තිබුණේ නම් එතනදී 80%වත් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. සැප විඳිමින් ප්‍රශ්නය විසඳන්න බැහැ...

:       0       8

janahitha Friday, 18 June 2021 11:39 PM

හමුදාපති, හමුදාපති ලෙසත්... සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ඇමැති ලෙසත් වැඩේ කළා නම් අහවරයිනේ නේද? තැබෑරුම් කරුවන් පාර්ලිමේන්තු යවලා අපි පිරිසිදු සමාජයක් ගැන කියවනවා.

:       0       10

Bishan Friday, 18 June 2021 11:40 PM

කිසිම සෞඛ්‍ය අංශයකින් එහෙම පාලනය වෙලා තියන බවක් කියලා නෑ. මෙයාලා රට විනාශ කරලා හොම්බෙන් ගිහින් තමයි නතර කරන්නේ..

:       0       9

චාමර Saturday, 19 June 2021 10:01 AM

බොරු නේද කියන්නේ?

:       0       10

fairoos Sunday, 20 June 2021 02:09 PM

"කෝවිඞ් ව්‍යාප්තියේ යම් පාලනයක් සිදුවී ඇති" අනේ මන්දා හැමදාම 2000ක් විතර පොසිටිව්, මරණ 25ට වැඩියි. මේකද පාලනය වෙලා කියන්නේ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 289 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න
2025 පෙබරවාරි මස 07 157 0

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.


මන්නාරම සුළං බලාගාරය ටෙන්ඩරෙන් පිට?
2025 පෙබරවාරි මස 07 892 3

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග


ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි
2025 පෙබරවාරි මස 07 991 2

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.


වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්
2025 පෙබරවාරි මස 07 55 0

වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්


දුම්රිය දමා පළාගිය රියදුරුගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 07 1906 0

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 19 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 104 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 826 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site