(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)
තබ්බෝව අභය භුමියට යාබද පාවට්ටාමඩුව ප්‍රදේශයේ දඩයමේ යාමේ අරමුණින් සිටි තරුණයින් තිදෙනෙකු ගිනි අවි හා යතුරු දෙකක් සමග කරුවලගස්වැව වනජීවි නිළධාරින් අද (18) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව හා පාවට්ටාමඩුව ප්‍රදේශ වල පදිංචි තිදෙනෙකි.
සැකකරුවන් 18 අලුයම බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා වායු රයිපලයක් රැගෙන යතුරු පැදි දෙකක නැගි දඩයමේ යමින් සිටියදී වන අලි පලවා හැරිමේ නිරත වි සිටි වනජීවි නිළධාරින්ගේ අත් අඩංගුවට පත්වි ඇති බව කියයි.
මෙම සැකකරුවන් සන්තකයේ ජීව පතොරමක්, ඊයම් බහුරක් විදුලි පන්දම් තුනක්ද වන ජීවී බාරයට ගෙන තිබූ බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වනජීවි ඇප මත මුදා හැර ඇති අතර 26 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් වන ලෙසට වනජීවි නිළධාරින් නියෝග කර තිබේ.
වැටලිම සදහා කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ නිළධාරින් සමග සිවිල් ආරක්ෂක නිළධාරින් එක්ව තිබුණි.
(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)

2025 නොවැම්බර් මස 04
16
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඩයමේ ගිය තිදෙනෙක් ගිනි අවි සමඟ මාට්ටු