( +++ සුජිත් හේවාජුලිගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස ලබන 23 වැනිදා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගය විවෘත කෙරෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මාතර සිට හම්බන්තොට දක්වා වූ මාර්ග කොටස් සියලුම ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු මේ වන විට සකස් කර අවසන් කර ඇතැයි කී ප්‍රනාන්දු මහතා මාර්ගයට සම්බන්ධ අතුරු මාර්ග කිහිපයක් ද කඩිනමින් ඉදි කිරීමට කටයුතු කරගෙන යන බව පැවැසීය.
අතුරු මාර්ග ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද ඔහු කීය.
මෙම මාර්ග දිගුව මගින් වරායන් හා ගුවන් තොටුපළවල් අතර භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම මගී ප්‍රවාහනයට පහසුව සැලසෙන බව මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස් දුර ප්‍රමාණය කිලෝමීටර් 96 කි. මාතර-බෙලිත්ත බෙලිඅත්ත-බරවකුඹුක, බරවකුඹුක - අන්දරවැව, අන්දරවැව -හම්බන්තොට වශයෙන් අදියර හතරක් යටතේ මාර්ගය ඉදි කෙරිණි.
මාර්ග දිගුව ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 25,000 කි.මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ සුපරීක්ෂාව යටතේ චීන සමාගම් තුනක් මෙහි ඉදිකිරීම් කටයුතු කළේය.
COMMENTS
කොලොම් පුරේ නුබ ඉන්නා ඉසව්වේ ඒ සින්දුවත් දාගෙන වේගෙන් යන්න. ඕවගේ දේවල් නේ කරන්නේ. ජනතාවගේ මුදල් වලින්
ඡන්දෙ කාලේ විප්ලව කරලා ප්‍රාදේශීය හෙන්චියාල පාරට බැහැල උද්ගෝෂණ කරලා නැවතුවේ නැතිනම් අදටත් මහජනතාව පාවිච්චි කරනවා කඩවත කෙලවරපිටිය වගේ.
ඕක හදන්න ගිය මුදලට පොඩ්ඩක් අඩුවෙන් වියදම් කරලා ලොකු උත්සවයක් ගනී නේද ? මම හිතන්නේ විවෘත කරලා තිබුන එක නැවත වැසුවේ අඩුම ගන්නේ උත්සවයට යන මුදලින්වත් ගානක් කපා ගන්න වෙන්න ඇති.
ජනශුන්‍ය ප්‍රදේශයක මාර්ගයක කිලෝමීටරයක් හදන්න රුපියල් කොටි 260කට වැඩියෙන් ගිහින් තියෙනවා. ඇත්තටම මෙතරම් මුදලක් යනවද?
තවත් විවෘත කිරීමේ උත්සවයක්... ඇත්තටම මේ කොටස විවෘත කරන්න ජනාධිපතිගේ ඉඳලා ඔක්කොම එන්න ඕනෑද?
1015 සිට 1919 දක්වා ඉදිකිරීම් කළ අයට එල්ල කළයුතු දොස් පාලනය භාරගෙන මාස 3ක් වත් නැති මේ ආණ්ඩුවට එල්ල කරන්නේ කුහකයින්. ඇයි මධ්‍යම අධිවේගයේ අකටයුතුකම් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්නකිරීම් වලදී එළිවුණා නොවැ... කුහකයින්ට ඇත්ත පෙනෙන්නේ නැහැ...