(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර හම්බන්තොට නව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉවතලන කොන්ක්‍රීට් තට්ටුවක් ඇග මතට කඩා වැටීමෙන් එහි සේවකයෙකු අද (06) දහවල් මියගොස් ඇති බව තිහගොඩ පොලීසිය පවසයි.
කම්බි බඳිමින් සිටියදී කොන්ක්‍රීට් තට්ටුවට යට වී මියගොස් ඇත්තේ කූඩලුඔය පදිංචිව සිටි ජෙයරාම් (25) නැමැති තරුණයෙකු බවට හඳුනා ගෙන ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හිගුරුපත්තල තඹගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබේ.
මාර්ගය ඉහළ කඩා ඉවත් කළ කොන්ක්‍රීට් කොටස් ගොඩ ගසා තිබී ඇති අතර ඉන් කැබැල්ලක් එක්වරම පහළ වැඩ කරමින් සිටි තරුණයාගේ ඇඟ මතට කඩා වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඉන් බරපතල තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා මියගොස් තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දක්ෂිණ අධිවේගයේ ඉවතලන කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී තරුණයෙක් මරුට