IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු සබේ අතුරු සම්මත ගිණුම සම්මතයි

(ඩී.ජී.සුගතපාල)

දකුණු පළාත් සභාව අද (27) රැස්වු අවස්ථාවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා මහතා විසින් ලබන වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය  දක්වා මාස හතරක කාලය සඳහා  ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ සම්මත විය.

සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදි රැස්විම පැවැත්විණ.

ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා මහතා
“ලබන වසර සඳහා විසර්ජන කෙටුම්පත අයවැය ලේඛනය ඉදිරිපත් කිරිම පිළිබඳ ගැටලුවක් වි තිබෙනවා. ඒ සඳහා මුදල් කොමිෂමෙන් උපදෙස් ලැබි නැහැ. ලබන අප්‍රියල් මාසයෙන් පසුව දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වෙනවා.එසේ නිල කාලය අවසන්විමෙන් පසුව මුදල් වැය කිරිමේ බලය ලැබෙන්නේ ආණ්ඩුකාර වරයාටයි.එනිසා ලබන වසරේ පළමු මාස හතර සඳහා රුපියල්  එක්දහස් එකසිය අනූඅට කොටි අනූපන් ලක්ෂ දහසයදාහක අතුරු සම්මත ගිණුම සම්මත කිරිම සඳහා ඉදිරිපත් කරනවා“

නලින් හේවගේ මහතා
“මේ අතුරු සම්මත ගිණුම අපට ලැබුණේ අද උදෑසනයි.මෙය කිසිවෙකුට කියවා අධ්‍යනය කිරිමට අවස්ථාවක් නැහැ. මේ ඉල්ලන්නේ මිලියන දහදාහක මුදලක්.එනිසා මෙය අද සම්මත කිරිමට නොගෙන ලබන සභා වාරයට ගන්නා ලෙස ඉල්ලනවා “

ප්‍රධාන අමාත්‍යවරයා
“මේ ඉල්ලන්නේ සේවක වැටුප් හා අත්‍යාවශ්‍ය වියදම් පමණයි. සංවර්ධන යෝජනා කිසිවක් මෙතැන නැහැ. පළාත් සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍යයි“

රජයේ සේවකයින්ට ඔච්චර ආදරේ නම් ලබන සතියේ  සභාව කැඳවන්න.මෙය අධ්‍යනය කිරිමට සතියක කාලයක්වත් අවශ්‍යයි එහෙම නැතිව ලයිට් කණුවගේ අත උස්සන්න අපට බැහැ.“
 
චම්ලි විතානාච්චි මහතා
 “(එ.ජ.නි.ස)“මෙය සම්මත කර නොගත්තොත් ලබන වසරේ රජයේ සේවකයින් අපහුසවට පත් වෙනවා.එහෙම උනොත් පළාත් සභාව ලොකු අපවාදයකට ලක්නෙවා.අත්‍යවශ්‍ය වියදම් ගෙවිමට නොහැකි උනොත් ගැටලු ඇති වෙනවා.මේ පිලිබඳව කණ්ඩායම් රැස්විමේදි අප දැනුවත් උනා .එනිසා සභාපති තුමනි සභාවේ මතය විමසන්න“

සභාපති 
‘පාර්ලිමේන්තුවෙත් අයවැය සම්මත වෙලා නැහැ.ලබන අප්‍රියල් මාසයේ පළාත් සභාව විසිරෙනවා. මේ ඉල්ලන්නේ මාස හතරක් සඳහා අතුරු සම්මත ගිණුමක්.මෙය අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා.සංවර්ධන යෝජනා කිසිවක් මෙහි නැහැ.සභාවේ මතය විමසනවා ඡන්දය පාවිච්චි කරන්න“

මෙහිදි නලින් හේවගේ මහතා දැඩිලෙස විරෝධය පල කිරිමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු ඒ මහතාට බාධා කරමින් කෑ කෝ ගසන්නට විමත් සමග සභාව ගාල ගොට්ටියක් බවට පත්විය.

ඒ සමගම පැවති ඡන්ද විමසිමේදි අතුරු සම්මත ගිණුම ඡන්ද 28කින් සම්මත විය. එයට පක්ෂව සභාවේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුද ඡන්දය ප්‍රකාශ කරනු ලැබු අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු ඡන්දය දිමෙන් වැළකි සිටියහ.



අදහස් (1)

දකුණු සබේ අතුරු සම්මත ගිණුම සම්මතයි

Hafeel Tuesday, 27 November 2018 07:36 AM

දෙගොල්ලම එකයි. එක්සත් ජාතික පක්ෂයත් කිසිම අධ්‍යනය කරන්නේ නැතුව, පක්ෂව ඡන්දය දීල තියන්නේ. සබේ වෙනසක් අවශ්‍යයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site