IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු පළාත් සභාවේ මන්ත්‍රීකම දීම කොමිසමෙන් කල් දමනවාලු

(රන්ජන් කස්තුරි)

දකුණු පළාත් සභාවේ මන්ත්‍රී පුරප්පාඩුවක් ඇති වී සතියක කාලයක් ගතවී ඇතත්  එම මන්ත්‍රී ධුරයට තමා පත්කිරීම මැතිවරණ කොමිෂන් සභාව කල්දමමින් සිටින බවට එම මන්ත්‍රීධුරයට සුදුසුකම් ලබා සිටින ගා. දෙනෙත්ති මහතා චෝදනා කරයි.

දකුණු පළාත් සබා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වූ පසුව මනාප ලැයිස්තුවේ මීළඟ සුදුස්සා ලෙස තමාගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිෂන් සභාවට යවා තිබෙන බවද දෙනෙත්ති මහතා කීය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී ඒ පිළිබඳව විමසූ විට කොමිෂන් සභාවේ සාමාජිකයකු විදේශගත වී සිටින බැවින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම කල්යන බවක් තමාට පැවසූ බවද ඔහු පැවසීය.

පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය ලබාගැනීමට සති දෙකක් නිකරුණේ නාස්ති කිරීම පදනම් විරහිත බවද සාමාජිකයකු විදෙස්ගතවීම මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයක් මිස තමාගේ ප්‍රශ්නයක් නොවන බවද දෙනෙත්ති මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මන්ත්‍රී පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාම අත්සන් කළ ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවය.

කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විදේශගතවී ඇති හෙයින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීම කල්යන බවද එය නීතිය මිස කොමිෂන් සභාවේ ගැටළුවක් නොවන බවද දේශප්‍රිය මහතා පැවසීය.

 



අදහස් (2)

දකුණු පළාත් සභාවේ මන්ත්‍රීකම දීම කොමිසමෙන් කල් දමනවාලු

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 26 March 2019 01:45 PM

පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය ලබාගැනීමට සති දෙකක් නිකරුණේ නාස්ති කිරීම. මෙයා නම් හොඳ වැඩකාරයෙක් වගේ... ඉක්මණටම පත් කරන්න.

:       0       0

සෙනෙවි Tuesday, 26 March 2019 02:54 PM

අනේ ඉක්මනට පත් කරන්න. අපිට කෑම දිරවාගන්න බැරි වෙලා ඉන්නෙ මේක කරන කන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site