IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දකුණු කොරියාවේ ලාංකිකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

(තිළිණි ද සිල්වා)
 
දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව තමන් සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටින්නේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
 
තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දුරකතන දැනට පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක් ද ක්‍රියාත්මක කර ඇත. 
 
මේ සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් පිහිටුවා ඇති අතර, මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ අනෙකුත් සියලු දෙනා සමඟ සම්බන්ධ වී සිටින බවද විදේශ අමාත්‍යාංශය කියයි.
 
තානාපති කාර්යාලයේ පොදු දුරකතන අංක වන (0082) -2-735-2966, (0082) -2-735-2967, (0082) -2-794-2968 හෝ සසංගා නිකපිටිය, පළමු ලේකම් - (0082) -10-7222-1352 හෝ සෙනරත් යාපා, උපදේශක (රැකියා හා සුභසාධන) - (0082) -10-3389-2227 හෝ නිලන්ති පැලවත්තගේ, දෙවැනි ලේකම් - (0082) -10-4084-0855 හෝ සමන්තා සේනායක, තෙවැනි ලේකම් (රැකියා හා සුභසාධන) - (0082) -10-7499-2966 යන අංක අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
 
දකුණු කොරියාවේ ඩේගු නගරයේ  කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ ගියද මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට ගොදුරු වී නොමැති බවද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
 
මේ වනවිට සංක්‍රමණික  කම්කරුවන් මෙන්ම සිසුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 20,000 කට අධික පිරිසක් එරටේ වෙසෙන බවත් එරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ඩේගු  නගරයෙහි වෙසෙන 915 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කෙරෙහි සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.



අදහස් (0)

දකුණු කොරියාවේ ලාංකිකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site