IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාවේ ගින්නකින් 36 ක් මරුට

දකුණු කොරියාවේ අයිචියෝන් නගරයේ ඉදිකරමින් පැවති ගබඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා භාවිත කළ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න ඇතිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මරණයට පත්වූ සියලු දෙනා ඉදිකිරීම් කටයුතුවල නිරත වී සිටි සේවකයින් බවට විශ්වාස කෙරේ.

පුද්ගලයින් 78 දෙනෙකු එහි සේවය කර ඇතැයි අනාවරණය වී ඇති බැවින් මරණයට පත්වූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකිය.

අනතුරන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා සිටිති.

එරට වේලාවෙන් අද පස්වරු 1.30 ට පමණ ඇතිවූ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත.

මෙම හදිසි අවස්ථාව වෙනුවෙන් අවශ්‍ය  සියලු ක්‍රියාමාර්ග ගැනීමට  දකුණු කොරියානු අග්‍රාමාත්‍ය  චුන්ග් සයි-කියුන් මහතා නියෝග කර තිබේ.

එරට වේලාවෙන් පස්වරු 6.40 ට පමණ ගින්න නිවා දැමීමට හැකිවී තිබේ.


-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

දකුණු කොරියාවේ ගින්නකින් 36 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site