දකුණු ආසියානු වැසි වනාන්තර ආශ්‍රිත වාසභූමිවලින් හමුවන ඉපැරණිතම කුඩා ගල් මෙවලම් ශ්‍රී ලංකාවේ පාහියන්ගල ලෙනෙන් සොයාගෙන තිබේ.
එම මෙවලම් වසර 45,000කට පමණ පෙර ආදි මානවයා සකසන ලද ඒවා බව හඳුනාගෙන ඇත.
වඳුරන්, ලේනුන් වැනි වෘක්ෂ ආශ්‍රිතව ජීවත් වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම ආයුධ යොදාගන්නට ඇතැයි පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ මහතා පවසයි.
මෙම කුඩා ආයුධ තිරිවානා වැනි පාෂාණවලින් සාදා ඇති අතර කෙළවර තියුණු උල් ආකාරය ගනී.
මෙම මෙවලම් අනුව ලබාගත් නිගමන සැලකීමේදී ආදි මානවයා විවිධ පරිසර පද්ධතීන්හි වාසය කරන්නට ඇති බවද, වැසි වනාන්තර හේතුවෙන් ආදි මිනිසාගේ ව්‍යාප්තියට බාධාවක් වී යැයි පවතින මත නිෂේදනය වන බවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් ගවේෂණය කරන පුරාවිද්‍යාඥයෝ කියති.
(ඩේලි මේල් ඇසුරිනි)
16844


2025 ඔක්තෝබර් මස 08
1475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු ආසියාවේ ඉපැරණිතම ගල් මෙවලම් පාහියංගලින් සොයාගනී
රවින් Monday, 07 October 2019 12:51 PM
මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයක් තියන දේශයට දේශපාලුවන් කරතියන විනාශය? අපේම පූර්ව කරුමවල් වලට මුන්ව උත්තරිතරයයි සලකන තැන්වලට පත්කර යවනවානේ.
sirimal Monday, 07 October 2019 01:29 PM
එවැනි මෙවලම් යුරෝපයේ ඉපැරණි ස්ථාන වලින් හමුවී ඇති නමුත් මෙය දකුණු ආසියාවේ ස්ථානයක හමුවූ එකම අවස්ථාව බවත් වෙදගේ මහතා කියා තිබෙනවා. ෆාහියන් ලෙනේ තිබී හමුවූ උපකරණ 9216 ක් පරික්ෂාවට ලක් කර ඇති අතර ඒවායින් මෙවලම් 1730 වසර 34,000 කටත් වඩා පැරණි ඒවා බවද සහතික කරගෙන තිබෙනවා. ඒවා සකසා ගැනීමේදී තිරුවාණ ගල් මෙන්ම ගංගාවල ඇති බොරළු කැට භාවිතා කර ඇති බව පෙනීගිය බවත් මෙහිදී හමුවූ සමහර ආයුධ "සංයුක්ත ප්‍රක්ෂේපන තාක්ෂණය" යොදා සකස්කරන්නට ඇති බව පෙනීගිය බවත් ඒවා සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නට ඇති බවත් පවසා තියෙනවා. මේ අනුව අප රටේ ජනාවසයන්ගේ ඉතිහාසය ඉතා පැරණි බවටද සාක්ෂි හමුවෙන බවයි පවසන්නේ.
ගොන්ගාලේ ගොඩබණ්ඩා Monday, 07 October 2019 09:46 PM
ඉක්මනට ඒ ලගින් පල්ලියක් සහ කෝවිලක් හදාගන්න කියන්න.ඉන්පස්සේ අපි අවුරුදු 45000 සිටම ලංකාවේ ඉදලා තියනවා කියල කියන්න පුළුවන්.
මුණසිංහ Tuesday, 08 October 2019 01:53 AM
පාහියංගල පමණක් නොව ශ්‍රී ලංකාව පුරාම ඵෙතිහාසික වැදගත්කමින් යුක්ත ස්ථාන රාශියක් තියෙනවා තවදුරටත් ගැඹුරින් ගවේශන කළ යුතු. ඒවාට ප්‍රමුඛස්ථානයක් දී ගවේශන කටයුතු ඉක්මන් කළ යුතුයි.
Nuwan Tuesday, 08 October 2019 06:11 AM
වෙන්න බැහැ , ලංකාව ජනාවාස වුනේ විජය අපු දා පටන්. එනිසා ඕව යක්කු සහ නාගයෝ පාවිච්චි කල දේවල් වෙන්න ඇති ... හික්ස් ...