ශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 45 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී 3-0 ක ජයක් දකුණු අප්‍රිකානු පිලට හිමිවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත ඕවර 20 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තේය. වර්ෂාව නිසා ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 17 කදී 183 ක් ලෙස සංශෝධනය කෙරිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 15.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි.

වැඩිදුර තොරතුරු සඳහා https://tinyurl.com/y2wo8w4b වෙත පිවිසෙන්න
COMMENTS
බින්දුව එක අට නමයට වර්ණ වුනේ... පන්දුවාර ටිකවත් නැත බැට් කෙරුවේ.. නමයෙ දර්ශනයට දුවන්නද සැරසුනේ...? ලජ්ජා නැද්ද තොපිට අනේ දරුවනේ...
ක්‍රිකට් බැහැ මල්ලි අපිට...
අපරාදේ ප්ලේන් එකේ යවන්න වියදම් කරපු සල්ලි
අපි ටොස් එක දිනලා මුලින් පන්දු යවන්න තෝරාගත්ත කිව ගමන්ම මට තේරුණා අපි තරගය පරදින බව. අර්ජුන ,අරවින්දලගේ කාලයේ නම් අපේ කස්ටිය හඹාගොස් ජය ලැබුවා. දැන් නම් ටොස් එක දිනලා මුලින් පන්දු යවන්න තෝරාගන්න තරග වලින් 90%ක් අපේ කට්ටිය පරාදයි.
ගත්තත් මුදල් යුතුකම් අමතක කරලා.. යාදෙන්නේ නැහැ කිසිවිට කැත මවලා.;. ලජ්ජා නැද්ද කල වැඩ ගැන සිත යොදලා... අනේ දරුවනේ අපටත් දැන් හති වැටිලා...