(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේදී, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බවුසරයක් පෙරළීමෙන් කහතුඩුව පිවිසුම තාවකාලිකව වසා දමා තිබේ.
මේ හේතුවෙන් මාතර ප්‍රදේශයේ සිට පැමිණෙන වාහන කහතුඩුවෙන් පිටව යාමට සලස්වා ඇත.
කොට්ටාව පිවිසුමට කිලෝමීටරයක් පමණ කහතුඩුව ප්‍රදේශය ආසන්නයේදී බවුසරය පෙරළී තිබේ.
මේවනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පිස්සට කඩුව අහුවුණා වගේ අධිවේගේ යන්න ගියාම ඔහොම තමයි මේ බව්සරය, වැටත් කඩාගෙන අනිත් පැත්තට හැරිලා පෙරලිලා තියෙන්නේ... එක්කෝ නින්ද ගිහින් නැත්නම් අධික වේගය.... ඊයේ මේ හින්දා අනිත් මිනිස්සු වින්දේ පුදුම කරදරයක්... පාරපුරාම බව්සරයේ තිබුණු "මොලසස් " ද කොහෙද ගලල කීයට පාර අවහිරය ඉවත් කරාද මන්දා?
අධිවේගේ ගමන් කරන ලොරි සහ බස්රථ ඇතුළු බර වාහන වල වේගය 80 ට සිමා කරන්න , ජෙර්මනිය ඇතුළු යුරෝපේ බොහෝ රටවල බස්රථ , සහ බර වාහන ධාවනය කළහැකි උපරිම වේගය 80 කි , ලංකාවේ අධිවේගී මාර්ග එතරම් පළල නැති නිසා සහ බොහෝ පරණ ලොරි වැනි බරවාහන වල තිරිංග පද්ධති සහ යෝග්‍යතාවය අඩු නිසාත් බරවාහන 100 ධාවනය කරන එක භයානකය