
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වන ස්ථානයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පැළඳ සිටි මේස් තුළ සඟවාගෙන ජංගම දුරකථන බැටරි සහ දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා සමඟ ජංගම දුරකථන දෙකක් බැටරි දෙකක් ග්‍රෑම් 233 බර දුම් කොළ කැබලි පහළොවක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පලමු පෙල ජේලර් අයි රංගන මහතා වෙත භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසිය වෙත භාර දී ඇත. සැකකරු කුරුණෑගල පදිංචි සැකකරු තිස්හත් හැවිරිදි පුද්ගලයෙකි
COMMENTS