IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


තහනම් කල්ලි ගැන සොයන්නැයි වැඩබලන පොලිස්පතිට නියම කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

තහනම් කර ඇති ජාතික තව්හීද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ‍්‍රාහිම් සහ විලයාත් අස් සෙයිලානී සංවිධාන පිළිබඳව මෙන්ම එහි සාමාජිකයින් කවුරුන්ද? ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් මොනවාද? යන්න පිළිබඳව වහාම විමර්ශන ආරම්භ කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියම කර ඇත.

වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට නීතිපතිවරයා ලිඛිතව කළ මෙම දැනුම්දීම පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ ජනාධිපති ලේකම් උයද ආර්. සෙනෙවිරත්න මහතාට ද දැනුම්දී ඇතැයි වාර්තා වේ.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය සහ ඉන් පසුව සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.



අදහස් (3)

තහනම් කල්ලි ගැන සොයන්නැයි වැඩබලන පොලිස්පතිට නියම කරයි

Mahee Wednesday, 19 June 2019 05:55 AM

දප්පුල ද ලිවේරා නීතිපතිපති තුමාට අපේ ගෞරවය. අපි දැක්ක අර කොමිසමට ආපු වෙලාවේ ඔබ තුමා ප්‍රශ්න අහන්න හිටියත් හිටපු නීතිපතිම එතෙන්ට ඇවිත් ප්‍රශ්න අහපු හැටි. උන්නැහේ දැන් ඉතින් ඉහලට ගියානේ. දැන්වත් ඔබතුමා යටතේ නීතිය ක්‍රියාත්මක වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

:       0       58

මහේෂ් Wednesday, 19 June 2019 08:43 AM

නීතිපති තමාගේ සීමාව ඉක්මවා යන බව පේනවා. මෙතුමා තම දෙපාර්තමේන්තුව තුළ ඇති ප්‍රමාදයෙන් ගැන බලාගන්නවා නම් වඩා හොඳයි

:       5       0

de silva Friday, 21 June 2019 09:15 AM

ඔය ඔක්කොටම කලින් දැන් සොයා බැලිය යුත්තේ උතුරේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය ගැන , කදු පිහි භාවිත කරමින් මංකොල්ල සහ කප්පම් කල්ලියක් ලෙස සිටි ඔවුන් දැන් ටික ටික රොබින් හුඩ් ක්‍රමයට සමාජයේ නමක් දිනාගෙන ඉදිරියට යන්න හදනවා , එක්දහස් නමසිය හැත්ත ගණන වල හොරබඩු ජාවාරම් කාරයෙක් ලෙස ආරම්භයත් සිදුවුනේ මේ ක්‍රමයට , හදිස්සි නිතිය තිබෙන වෙලාවේ ඒක පාවිච්චි කරලා උපරිම ප්‍රයෝජන අරගෙන මේ හොරු ටික මර්ධනය කල යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site