(දයාරත්න ඇඹෝගම)
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පමණක් බෙදාදීමට සැලසුම් කර ඇති, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලොරි 7කින් රැගෙන ආ සෙවිලි තහඩු බෙදීම වහාම අත්හිටුවන ලෙසට උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා විසින් අනුරාධපුර මැතිවරණ කාර්යාලයට අද(13) පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා මෙසේද පැවසිය.
“අද (13) උදෑසන සිට කොළඹින් ලොරි හතකින් දහස් ගණනක් සෙවිලි තහඩු රැගෙන ආවා. එම සෙවිලි තහඩු තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩ ගසා තිබෙනවා. මේ තහඩු ජනතාවට බෙදා දෙනවාට අපේ විරුද්ධතාවයක් නැහැ. ඒත් තහඩු නීතිවිරෝධී ආකාරයට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පමණක් බෙදාදීමට සැලසුම් කර තිබෙනවා.
මේ ජනාධිපති මැතිවරණ සමයේ මැතිවරණ නීතිරිති උල්ලංඝණය කරමින් සෙවිලි තහඩු බෙදීමට අපි විරුද්ධයි. එනිසා මේ සම්බන්ධයෙන් අපි මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයට පැමිණිලි කළා. මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න. මැතිවරණය අවසන් වන තෙක් මෙම සෙවිලි තහඩු බෙදාදීම අත් හිටුවන්නැයිද ඉල්ලා සිටිනවා” යැයි කීය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතාගෙන්ද තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් රේණුකා වන්සේකර මහත්මියගෙන්ද විමසු අවස්ථාවේ ඔවුන් කියා සිටියේ මෙම සෙවිලි තහඩු ගම්පෙරළිය වැඩසටහන යටතේ මීට මාස කිහිපයකට පෙර ඇණවුම් කල සෙවිලි තහඩු තොගයක් බවයි. තහඩු බෙදාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, ඒවා බෙදාදීමට අවශ්‍ය වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඔවුහු පැවසුහ.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තහඩු බෙදන්න යාම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
ravi Sunday, 13 October 2019 10:16 AM
ඔය තියෙන්නේ...වහල්ලුන්ට, ගෝත්‍රිකයින්ට ඡන්දේ හුවමාරුවට තහඩු දීලා.
kasunSunday, 13 October 2019 03:59 PM
තහඩු ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ඉන්නවාද?
Sumith Sunday, 13 October 2019 01:12 PM
ඕවට ජනතාව රැවටෙන්නේ නෑ.පොහොට්ටුවට ජය නියතයි.