IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


තිස්සගේ නඩුව බේරගන්න හේතු කියන්න දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)
 
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ලබන 24 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (25) දැනුම් දුන්නේය.

මෙම නඩුවට මුල් වු කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර සමාව අයැදින්නේ නම් මෙම සිද්ධිය සමථයට පත් කරගැනීමට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද එකඟ බවට වු කරුණ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා සමඟ සාකච්ඡා කර දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන්නැයි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටියේය. 

2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කිරිමෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් චෝදනා නගනු ලැබ ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇති බවට පසුගිය ජනාධිපතිවරණයට ආසන්න අවස්ථාවේ පවසමින් කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් එවර ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි ආකාරයට කටයුතු කළ බවද නීතීපතිවරයා විසින් විත්තිකාර තිස්ස අත්තනායක මහතාට  එරෙහිව  ඉදිරිපත්  කර ඇති නඩුවේ සඳහන් කර ඇත.

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදුකර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.



අදහස් (3)

තිස්සගේ නඩුව බේරගන්න හේතු කියන්න දින දෙයි

රවින් Friday, 05 April 2019 02:29 AM

බොරුවට, වංචාවට හේතු?

:       0       3

Buddika Friday, 05 April 2019 06:05 AM

මේවා හොඳ පාඩම්.වාසිය වෙනුවෙන් පක්ෂ මාරු කරලා නැති දේවල් කළා කියලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් රඟදැක්වූයේ මහින්ද වෙනුවෙන් මෛත්‍රීට සහ රනිල්ට විරුද්ධව. අන්තිමට මහින්දගේ පරාජය නිසා ලොකුම හානිය කරගත්තේ මෙයානේ... අල්ලපු අත්තයි, පයගහපු අත්තයි දෙකම නැහැ. අන්තිමේ අද මහින්දයි, මෛත්‍රියි දෙන්නම ගජමිත්‍රයෝ... තිස්ස පක්ෂයත් නැතිව අනාථ වෙලා තාමත් උසාවි ගානේ පව් ගෙවනවා.

:       0       0

ajith Saturday, 06 April 2019 05:25 AM

සමාව අරගෙන නඩුව අවසන් කර ගන්න. ඔබ දැන් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පුද්ගලයෙකි. නැවත දිරච්ච ලණු කන්න එපා. අම්මා තාත්තා වගේ වුණු පක්ෂයත් පක්ෂ නායකයින්ටත් විරුද්ධ වෙන්න එපා. පාවා දෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1067 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1093 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site