











(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හිසට එල්ලවු බරපතල පහරක් හේතුවෙන් තුවාල ලබා සිටි බටු කැස්බෑවකුට ප්‍රතිකාර කර නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවි නිලධාරීහු කියති.
දින කිහිපයකට පෙර මෙම දැවැන්ත බටු කැස්බෑවා මහ සයුරේදි කිසිවකුගේ පහර කෑමකට ලක්ව කන්දකුලිය වෙරළ තීරයේ සිටියදි නාවික හමුදාව විසින් කන්දකුලිය වනජීවි නිලධාරින්ට බාර දී තිබුණි.
මෙම කැස්බෑවාගේ ජීවිතය බේරාගැනීමට වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා සමග කන්දකුලිය වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා ඇතුළු වන ජීවි නිලධාරීහු පැය 4 කට අධික කාලයක් සැත්කමක් කර හිසේ තුවාල වූ කටුව සැකසූහ. ප්‍රතිකාරවලින් පසුව කැස්බෑවාව යලි මුහුදට මුදා හැර තිබේ.
වනජීවි නිලධාරින් පවසන්නේ මුහුදු රැකියාවේ නිරත ධීවරයින් විසින් කැස්බෑවන් මරා දැමීම හේතුවෙන් කැස්බෑවන් අනතුරට ලක්වී ඇති බවය. ඇතැම් ධීවරයින් මහ සයුරේදී කැස්බෑවන් දඩයම් කිරීම සඳහා දියමත පිහිනා යන කැස්බෑවන්ගේ හිසට පහර දී මරා දමන බවට වාර්තා වන බව වනජීවි නිලධාරීහු පවසති. කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසා සිටියේ මේනිසා කැස්බෑවන් අනාරක්ෂිත සතුන් කොටසක් බවට පත්ව ඇති බවයි.
කෙසේ නමුත් නාවික හමුදාව නිරන්තරයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුම් හා වනජීවි නිලධාරින්ද මුහුදු සීමාවන්වල කරනු ලබන සෝදිසි හේතුවෙන් කැස්බෑවන් මරා දමන ඇතැම් ධීවරයින්ට වැට බැඳ ඇත.
ඒ කෙසේ වෙතත් පසුගිය කාලසීමාවලදී මෙලෙස පහර දී මරා දැමීමට සූදානම් වූ කැස්බෑවන් රැසකගේ ජීවිත බේරා නිසි ප්‍රතිකාරවලින් පසුව මහ සයුරට මුදා හැරීමට වනජීවි නිලධාරින් කටයුතු කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
352
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2154
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුවාල වූ බටු කැස්බෑවාට ප්‍රතිකාර කර මුහුදට මුදා හරී
banda Tuesday, 23 February 2021 09:17 AM
පව්, අහිංසක සතුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මේ ලෝකයේ ජීවත් වීමට මිනිසාට මෙන්ම සතුන්ටද අයිතියක් ඇත.
Raveendra Tuesday, 23 February 2021 10:45 AM
මෙම සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා..!!!
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 February 2021 01:04 PM
මේ අහිංසක සතාගේ තුවාලයට ප්‍රතිකාර කොට දිවි බේරාදී නැවත මුහුදට දැමූ සැමට අපගේ ප්‍රණාමය ... !!! ඒ වගේම මේ සතුන් මරාදැමීමට කටයුතු කරන නරුමයන්ට විරුද්ධව තදින් ක්‍රියාකළ යුතුයි.