(අංජුල මහික වීරරත්න)
දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය හා ඉහළ යන මරණ අනුපාතය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) ඉල්ලා සිටියේය.
වර්තමානයේ ලංකාව පත්ව තිබෙන ආර්ථික තත්ත්වය දෙස බලන විට ලොක් ඩවුන් වැඩසටහනක් ඇතිව වන හානියට වැඩි හානියක් ලොක් ඩවුන් වැඩසටහනක් නැතිවීමෙන් සිදු විය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය. කොළඹ දී සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඔබතුමා කියල හරියන්නේ නැහැ. අර දහ දෙනාටම කියන්න තව ඉල්ලීමක් කරන්න කියල . වැඩේ හරි.
ඉස්සර වුනා නේද ?... දන්නවා මේ යන විදියට එසේ කිරීමේ "සම්බාවිතාවය හොදටම වැඩියි" කියල...
මේ අගුලු දැමිල්ල වගේ විහිළුවක් දැක්කෙම නෑ. මුළු රටම අගුලු දමල. ඒ උනාට පොළවල් ඇරලා. පෙරහැර තියෙනවා.
දැන් විශ්‍රාම සුවයෙන් හිටියනම් ඉවරයි තවත් පච වෙන්නේ නැතුව. බොර දියේ මාලු බාන්න එනවා.
අපේ ගේ වටේට ධනපතීන්ගේ ගෙවල් 3ම අය කියන්නේ රට මාසෙකට වහන්න.
බොරදියේ මාළු බාන්න එපා,
අගුළු දාලා රට ආර්ථිකව වැටුනහම ඒකත් වාසියක් නෙව. රට අගුළු දාන්න ඕන නෑ ජනතාව පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන. කොරෝනා විතරක් නෙවෙයි තවත් පැති තියෙනව පරිපාලනයෙදි. ඒකට දේශපාලන බේදයක් නෑ. පවතින රජයේ වගකීම
තවත් සතියක් දෙකක් මුළු රටම අගුළු දැමීම වඩාත් සුදුසු වේ.
මේකනම් ඇති දැන්.?
අපේ අය ලොක්ඩවුන් කියන වචනයේ තේරැම නොදන්න විදිහටයි හැසිරෙන්නේ. අපට හරි කණගාටුයි මේ හැසිරෙන විදිහට .රජයත් මරු විදිහට තමයි රට ලොක්ඩවුන් කරලා තියෙන්නේ.. අපිට දුක අප රටේ අහිංසක ජනතාව ගැනයි.
ඔව් ඊට පස්සෙ " දුප්පතා බඩගින්නේ" කිය කියා උඩ පනින්නද.?