( නිමන්ති රණසිංහ )
ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධියට සම්බන්ධ බව කියන මෙම බුද්ධි නිලධාරියා ඒ වන විට ට්‍රිපෝලි කඳවුරට අනියුක්තව සේවය කර ඇති අතර උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ ඇගිලි සළකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇගිලි සළකුණු ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ අනුව මෙම සැකකරු අද (08) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
මෙම නිලධාරියා වැරැද්දක් කළා දැයි මම නොදනිමි. නමුත් ඔහු වරදක් කර තිබේනම් අත්අඩංගුවට ගැනීම පොදු කාරණයකි. මෙය සමස්ත ලාංකිකයන්ට පොදු නීතියකි. බුද්ධි නිලධාරියෙක් කියා උලුප්පා පෙන්වීම මහජනයා කුපිත කිරීමේ තවත් දිගහැරුම කි
ඇගිලි සලකුණු සමාන නම් ඉතින් මොන කතාද ?
බුද්දි නිලධාරීන් නීතියට උඩින් තියමුද? නැත්නම් වරදට දඩුවම් කරමුද?
බුද්ධි නිලදාරීන් නීතියට උඩින් තියමුද නැත්නම් වරදට දඬුවම් කරමුද?
ලොක්කොන්ගේ හොරි කැසුවනම් දැන් විඳවපන්.......
ජනාධිපතිවරයෙක් වුණත් මිනීමරන්න උත්සාහ කළා නම් නීතිය එකමයි...
බමුණා දගලනවා ඇති මේ අපරාධ සාධාරණීය කරමින් මෝඩ අදහස් ලියන්න
බුද්ධි අංශ නිලධාරීන් කියන්නේ ඉතාම විචක්ෂණ ශීලීව රාජකාරී කරන පිරිසක්. ඔවුන්ගේ පාඨමාලාවේ උගන්වන්නේ නැහැ කාගේවත් ඕනෙකමට කාගේවත් විරුද්ධවාදීන්ට හිරිහැර කරන්න කියා. බුද්ධි නිලධාරීන් වෙන්න බලාපොරොත්තුව ඉන්නවානම් මේවා පාඩමකට ගන්න කියා සිහිගන්වමි.