


(රංජිත් රාජපක්ෂ)
මිය ගිය අඳුන් දිවියෙකුගේ සිරුරක් හැටන් කොටගල මේෆිල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ කොටසේ තිබි අද (24) දින හමු වූ බව දිඹුල පොලිසිය පවසයි.
මිය ගිය අඳුන් දිවියා මිට දින කිහිපයකටම ප්‍රථම ජිවිතක්ෂයට පත් වන්නට ඇති බව පොලිසිය සැක කරයි.
නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට අඳුන් දිවියා ගැටෙන්නට ඇති බවත්,වාහනයේ ගැටුණු හදුන් දිවියා තේ වත්ත වෙත දිවගොස් මිය යන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අඩි තුනකින් පමණ දිගකින් යුත් අඳුන් දිවියාගේ සිරුර වතු කම්කරුවන් විසින් දැක ඒ පිළිබදව දිඹුල පොලිසියට දැනුම් දී ඇත.
අඳුන් දිවියාගේ සිරුර සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත දැනුම් දී ඇති බවද දිඹුල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩරටට උරුම වූ වැලිමුවා වැනි සතුන් දැන් දකින්නවත් නැහැ. මේ සඳහා වෙනම ඩිවිෂන් එකක් වනජීවී එකෙන් පටන්ගෙන සතුන් ආරක්ෂා කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.