(ක.ග.කරුණාරත්න)
රියැදුරු බලපත‍්‍ර වෙනුවට නිකුත් කරන තාවකාලික රියැදුරු බලපත‍්‍ර ව්‍යාජ ලෙස සකසා මහජනයාට මුදලට විකිණීමේ ජවාරමක නිරතව සිිටි බව කියන පුද්ගලයන් දෙදෙනකු එසේ සකස් කරන ලද ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත‍්‍ර 40 ක්ද සමඟ අත් අඩංගුවට ගත්බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකරුවන් දෙදෙනා කන්තලේ සහ අරලගංවිල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව හෙලිවී තිබේ. මොව්හු වයස අවුරුදු 35 - 40 පමණ වන අය බව ද පොලීසිය සඳහන් කළේය.
සකස් කරන ලද ව්‍යාජ රියැදුරු බලපත‍්‍රවලට අමතරව ඒවා සැකසීම සඳහා සූදානම්කර තිබූ කඩදාසි සහ ලේඛන තොගයක්ද රබර් මුද්‍රා ආදියද පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාජ රියැදුරු බලපත‍්‍රයක් රුපියල් 15,000කට අලෙවි කරන බව සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශකර තිබේ.
COMMENTS