(විමුක්ති එස්. රුද්‍රිගු)
යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය.
එමෙන්ම රුසියාව සමග තිබෙන සියලු රාජ තාන්ත්‍රික සබඳතා අත්හරින බවත් ඔහු පැවැසීය.
රුසියානු ප්‍රහාරය අතීතයේ නාසි ආක්‍රමණයට සමාන බවත් ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේය. මෙම ප්‍රහාරය නවත්වන ලෙස ඉල්ලමින් රුසියානු රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මෙයට පිළිතුරු ලෙස ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියාව කියා සිටියේ තමුන් යුක්රේනය සමග ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා අත් හරින බව ප්‍රකාශ නොකලත් ඒ පිළිබඳ සිතමින් සිටි බවයි.යුක්රේනයේ මෙම තීරණය තාර්කික තීරණයක් බව රුසියානු රජය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා ගිල්ලේ ඇමෙරිකන් ලණුවක් නෙමෙයි නැව් කඹයක්...!
මෙය ඊළඟ ලෝක යුද්ධයක් බවට පත් නොවී සියලු මිනිසුන් ආරක්ෂා වී සංසිඳේවා...!
කෙළවෙනකොට කවුරුවත් නෑ... දැන් ඉතින් කාලා වරෙන්කෝ...!