(ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරීශ‍්‍රයට ඉකුත් නොවැම්බර් මස (28) පස්වරුවේ ඇතුළු වී ඛණිජතෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට විරෝධය දක්වමින් කළහාකාරි ලෙස හැසිරුණු සියලූ දෙනා ඉදිරියේ දී අත්අඩංගුවට ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සිද්ධිය වු දිනයේ සේවකයන් පිරිසක් පරිශ‍්‍රය තුළ විරෝධය දැක්වීම හේතුවෙන් ඇති වු උණුසුම් තත්ත්වයකදී දුරදිග යාමෙන් අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයන් මියගොස් තවත් සේවකයන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
පොදුජන පෙරමුණේ නාගරික මන්ති‍්‍ර කුලතිස්ස ගීකියන මහතා ඇතුළු පිරිසක් එහි කළහාකාරි ලෙස හැසිරෙමින් ඇමැති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඇති බවත් එම අවස්ථවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව දැනට සිදුකළ පරීක්ෂණයේ දී හෙළි වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය වු අවස්ථාවේ ආයතන පරිශ‍්‍රයේ ඇති සී සී ටී වී කැමරාවල පටිගත වී ඇති දර්ශන අනුව සිද්ධියේ සැකකරුවන් බොහෝ දෙනකු හඳුනා ගෙන ඇති බවත් ඉදිරියේ ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
COMMENTS
පුදුම රටක්, අත්අඩංගුවට ගන්න කලින් ප්‍රසිද්ධ කරනවා. ඒ කියන්නේ හැංගියල්ල කියලා නේද? අනිත් රටවල වැඩේ ඉවරවෙලා ප්‍රසිද්ධ කරන්නේ... මේ අය නම් හදන්නම බැහැ...
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ්‍රයේදී ඔය කියන දවසේ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු වන කුලතිස්ස දීගනගේ මහතා අද පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අපට නම් ආරංචි වෙන්නේ...
අනිවාර්යයෙන්ම ගතයුතුයි.. දඬුවම් දියයුතුයි.. නැත්තම් ඉදිරියේදී මීට වඩා දරුණු තත්වයන්වලට කවුරු ආණ්ඩු කළත් මුහුණ දුන්නාවේ.. එමනිසා රට ගැන මහජනයා ගැන අනාගතය ගැන හිතලා රටේ උත්තරීතර නීතියට මෙය යොමුකරලා සාධාරණ තීන්දුවක් ගන්න...
ඇත්තටම දැන් කොහෙද අර "මිම්මේම අත යටින් වෙඩි තිබ්බා කියකියා පච කියපු අප්පුහාමි..."
අනිවාර්යයෙන්ම ගතයුතුයි....... දඬුවම් දියයුතුයි........ අඩුම තරමින් බරපතල වැඩ සහිතව වසර 5 වත් නැත්තම් ඉදිරියේදී මීට වඩා දරුණු තත්වයන්වලට කවුරු ආණ්ඩු කළත් අනාගතයේදී මෙවන් තත්වයක් නොවන්න එමනිසා රට ගැන මහජනයා ගැන අනාගතය ගැන හිතලා රටේ උත්තරීතර නීතියට මෙය යොමුකරලා සාධාරණ තීන්දුවක් ගන්න...