(ශාන්ත රත්නායක)
තෙල් මිල විෂමතා ඉවත් කර සමාන මිලක් ඇති කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති තෙල් සමාගමට අයත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී පැවැසීය.
ඛනිජ තෙල් අලෙවි කිරීමේදි පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාල අංශ සමඟ සාකච්ඡා කර පියවර ගන්නැයි මහින්ද රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.
මේ අවස්ථාවට ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ යන මහත්හරු සහභාගි වූහ.
අදාල සාකච්ඡාවේදී බෙදුම් කරුවන්ගේ සංගමයේ ඉල්ලීම වූයේ තෙල් සංස්ථා පිරවුම්හල් වල විකුණුම් මිල සහ ඉන්දීය තෙල් සමාගම් පිරවුම් හල්වල මිල සමාන මට්ටමකට ගෙන එන බවය.
තෙල් සංස්ථා පිරවුම් හල් වල තෙල් මිලට වඩා ඉන්දියන් තෙල් සමාගමේ පිරිවුම්හල්වල ඇති තෙල්වල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බවද මෙම තත්ත්වය තුළ තමන්ට විශාල වශයෙන් පාඩුවක් සිදුවන බවද බෙදුම්කරුවන්ගේ සංගමය පැවැසීය.
මෙම විෂමතාවය මගහරවාලීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට උපදෙස් ලබා දී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිල වගේද ලැජ්ජා නැති දේශපාලනය? රටම ගඳ ගස්සනවා.
මේ ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ ලංකා සමාගම සහ ඉන්දියානු අමතර වෙනස ගැනද? ඔක්ටේන් 92 සහ 95 ගැන වෙනස ගැනද? දැනට පවතින රජය හා කලින් හිටපු රජය අතර වෙනස ගැනද? ඩීසල් හා පෙට්‍රල් අතර වෙනස ගැනද? ඩොල්ර් හා රුපියල් අතර වෙනස ගැනද? කියා මට තේරෙන්නේ නැහැ...
පාර්ලිමේන්තුවට අනුව ඔහු අගමැති නොවේ.. මෙයාලා බලහත්කාර අශිෂ්ට කණ්ඩායමක්....
කොහේද මේ සාකච්ඡාව තිබුනේ? මැදමුලනේ කෑම කාමරයකද? අගමැතිට මේස පුටු තියෙන කාර්යාලයක් නැද්ද?
ගොඩක් කලකට ඉස්සර සරත් එන් සිල්වා මහත්තය තෙල් රුපියල් 100 ට දෙන්න කියලා උසාවි නියෝගයක් දුන්න මතකද ?
උපදෙස් දෙන්න කාට බැරිද? නමුත් ඒවාට අවශ්‍ය තාක්ෂණ ක්‍රමවේදයන් පිලිබඳ උපදෙස් දීමට තරම් වැටහීමක් අගමැති කියාගන්නා අගමැතිට නැහැ.. ඒ බව හොඳට දුටුවා... එක්තරා මාධ්‍ය සාකඡාවකදී කෙනෙක් අහන ප්‍රශ්නයකට ක්ෂණිකව උත්තර දී ගන්න නොහැකිව මොහු උඩ යට වටපිට බලමින් අන්තිමට ජී එල් ඉන්න පැත්තට බෙල්ල කරකවපු හැටි... ඒක නිසයි අපි කියන්නේ රටේ පාලකයන් වෙන්න ඕනේ මැර බලයෙන්, ධනබලයෙන් පරම්පරාවෙන් එන පුද්ගලයින් නොව උගත්, බුද්ධිමත් පුද්ගලයින් විය යුතුයි කියා...