(සුජිත් හේවාජුලිගේ )

තෙල් සංස්ථාව ආර්ථික දුෂ්කරතා මැද පවත්වාගෙන යන හෙයින් ඉන්ධන සඳහා අය කෙරෙන බදු මුදල් අඩුකර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

මිල සංශෝධනයක් නැතිනම් ඉන්ධන සඳහා අය කෙරෙන බදු මුදල අඩු කර ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ළඟදීම හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාසය මාස දහයක කාලයේදී පමණක් රුපියල් කෝටි 7000 ක පමණ පාඩුවක් ලබා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රධාන බැංකු දෙකට රුපියල් කෝටි හාරසියයකට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදලද කොටසින් කොටස ගෙවා ගෙන යන බවත් සංස්ථාවේ සභාපතිවරයා කීවේය.

සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 30 කට වැඩි පාඩුවක් ලබන බවද සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේය.