
(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් පවිත්‍රාගාරයකින් ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් ලක්‍ෂ 20 කට ආසනන් මුදලක් (රුපියල් 1,933,000) වන්දි ගෙවීමට ඒ පිළිබඳව සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.
එම කමිටු වාර්තාවට අනුව පුද්ගලයන් 45 දෙනෙකුට රුපියල් 1,933,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට නියමිතය.
තෙල් ගංවතුර මුසු වීමෙන් මාබිම, වලහේන සහ පට්ටිවිල යන ප්‍රදේශවල නිවාස හා දේපල, ගෙවතු වගාවන් සහ ජල මූලාශ්‍ර වලට සිදුවූ හානිය පිළිබඳව මෙම ත්‍රිපුද්ගල කමිටුව නිරීක්ෂණ කළේය.
එම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති බී.ටී.ටී. පෙරේරා මහත්මිය සහ සාමාජික තාරක වේරගොඩ මහතා එම කමිටු වාර්තාව ඉකුත්දා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට බාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමැතිලාට වාහන ගන්න එකට ලක්ෂ 400යි... ආපදාවලට ලක්වුණු 45 දෙනෙකුටම ලක්ෂ 20යි.