IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ අගෝස්තු මංගල්‍ය 04 වැනිදා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ අගෝස්තු මංගල්‍ය 04 වැනිදා උදෑසන 7.00 ට හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සහ ත්‍රිකුණාමලය රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා තිබේ.

257 වන අගෝස්තු මංගල්‍ය මෙසේ 04 වැනි ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පාස්කු ප්‍රහාරයෙන් පසුව කතෝලිකයින්ගේ  ප්‍රධාන මංගල්‍ය මෙය බව කියයි.

ශාන්ත ආනා මුනිවරියගේ නමින් නම් කර ඇති තලවිල දේවස්ථානය කතෝලිකයින්ගේ සහ අන්‍යආගමිකයින්ගේ ඉමහත් භක්ති ආදරයට පාත්‍ර වූ දේවස්ථානයක් වෙයි.

පසුගිය ජුලි 28 වැනිදින කොඩි ගස එසවීමෙන් ආරම්භ වූ මංගල්‍ය 04 වැනි ඉරු දින ශාන්ත ආනා මුනිවරියගේ ප්‍රථිමාව දේවස්ථාන භුමියේ විථි සංචාරය කිරීමේන් පසුව නිමාවට පත්විමට නියමිතය.

මෙවර මංගල්‍ය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකසා ඇති අතර පොලිසිය,යුද හමුදාව,නාවුක හමුදාවේ විශේෂ මාර්ග බාධක සෝදිසි කිරීම් ඇතුළු මුර සංචාර වැඩි කරමින් මංගල්‍ය සඳහා සහභාගිවන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට 1000 කට ආසන්න ආරක්ෂක අංශ යොදවා ඇති බව කියයි.

ඒ සමඟම සෞඛ්‍ය අංශ විසින් විශේෂ සෞඛ්‍ය වැඩසටහන් අරඹා ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් බැතිමතුන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් අරම්භ කර තිබේ.

 



අදහස් (0)

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ අගෝස්තු මංගල්‍ය 04 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site