(සමන්  පාලිත නානායක්කාර )
 
බදුල්ල තල්දෙන ප්‍රදේශයේ දී  බස් රථයක් හා බවුසරයක්  ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (10) මිය ගිය බව රෝහල් ප්‍රකායෛක් පැවසීය.
 
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල පල්ලියවත්ත පදිංචිව සිටි ඩෙන්සිල්  මිල්රෝයි ඇන්ටනී නමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.
 
ඔහුගේ බිරිඳ හා දෙහැවිරිදි කුඩා දරුවා ද මෙම අනතුරින්  බරපතල තුවාල ලබා  බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති. 
 
වන්දනා ගමනක් යමින් සිටියදී ඊයේ (9) අලුයම තල්දෙන ප්‍රදේශයේ දී  බස් රථයක් සහ බවුසරයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
 
මෙම අනතුරින්  බස් රථයේ ගමන්ගත් 15 දෙනෙකු තුවාල ලබා  බදුල්ල මහ රෝහලට  ඇතුළත් කරනු ලැබූහ .
 
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.